-5.9 C
New York

අනුරාධපුරයේ බැංකු ආරක්ෂකයකුට වෙඩි වදී

Published:

අනුරාධපු‍රයේ පුද්ගලික බැංකුවක ATM යන්ත්‍රයක් අසළ දී කිසියම් පිරිසක් මුදල් පැහැර ගැනීමට තැත් කිරීමේ දී බැංකු ආරක්ෂකයාගේ ගිනි අවිය ක්‍රියාත්මක වී එම ආරක්ෂකයා ම තුවාල ලබා රෝහල්ගත කර ඇති බව පොලිසිය පවසයි.

අද (06) උදෑසන 6.45ට පමණ මෙම ස්ථානයට මුදල් රැගෙනවිත් ඇති අතර යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු මුදල් පැහැරගැනීමට උත්සාහ දරා තිබේ. මේ අවස්ථාවේ සිදුවූ පොර බැදීමක දී ආරක්ෂක නිලධාරියා අත තිබූ ගිනි තුවක්කුව ක්‍රියාත්මක වී ඇත.

තුවාල ලැබූ එම නිලධාරියා ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව ද පොලිසිය පවසයි. මුදල් පැහැරගැනීමට නොහැකි වූ කොල්ලකරුවන් දෙදෙනා යතුරුපැදියට නැගී පළා ගොස් තිබේ.

අනුරාධපුර මූලස්ථාන පොලිසිය මෙම සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන පවත්වයි.

Related articles

Recent articles

spot_img