-4.8 C
New York

ගාල්ල දැඩි අවදානමක. හබරාදුවෙන් අම්බලන්ගොඩින් කොරෝනා පොකුරු

Published:

ගාල්ල දිස්ත්‍රික්කයේ හබරාදුව හා අම්බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස දෙකෙහි දැඩි කො‍රෝනා අවදානමක් හටගෙන ඇතැයි සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.

ඊයේ (05) සවස් කාලයේ ලැබී ඇති PCR ප්‍රතිඵල වාර්තාවන් අතර හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් ආසාදිතයන් 78ක් වාර්තා වන අතර අම්බලන්‍ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් ආසාදිතයන් 50ක් වාර්තා වී ඇත.

මෙම ආසාදිතයන් 128 දෙනා ම ඊයේ (05) දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය මගින් නිකුත් කරන ලද නිල ලේඛනවලට ඇතුළත් කර නැත.

මෙලෙස ලැබී ඇත්තේ දින 05කට පමණ පෙර රසායනාගාර වෙත යවන ලද  ජෛව සාම්පල වාර්තා වන අතර එම වාර්තා ප්‍රමාදවීම හේතුනේ ආසාදිත බව තහවුරු කරගත් පුද්ගලයන් මේ දක්වාම තමන්ගේ නිවෙස්වල සිටි බවත් එබැවින් ඔවුන්ගේ ඥාතීන් සියලු දෙනාම ද මේ වනවිට ආසාදිත වී තිබිය හැකි බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසති. මේ හේතුවෙන් අවම වශයෙන් නිවසක සාමාජිකයන් 04 දෙනකු ලෙස අනුමාන කළහොත් මේ පිරිසගේ පළමු පෙළ ආශ්‍රිිතයන් 500ක් පමණ මේ වනවිටත් කොරෝනා ආසාදනය වී තිබීමේ ගැටලුවක් පවතී.

සෞඛ්‍ය අංශ පවසන්නේ අම්බලන්කොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ මීට පෙර ආසාදිත බව තහවුරු කරගත් 35 දෙනකු ඇතුළත් කිරීම සඳහා රෝහල් නොමැතිව දින 05ක් පමණ කාලයක් නිවෙස්වල සිටි බවයි. ඔවුන් ඊයේ සවස රෝහල් ගත කර තිබේ. ඊයේ වාර්තා වූ රෝගීන් රෝහල්ගත කිරීම ද අසීරු කාර්යයක් බව ඔවුහු පෙන්වා දෙති.

Related articles

Recent articles

spot_img