-0.7 C
New York

‍තවත් කොරෝනා මරණ 11ක් වාර්තා වෙයි

Published:

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (04) දිනයේ දී තහවුරු කරන ලද කොරෝනා ආසාදිත මරණ 11ක විස්තර අද (05) සවස 4.00 රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මගින් මාධ්‍ය වෙත නිකුත් කර තිබේ

එම මරණ පහත සඳහන් පරිදි වෙයි

  1. කෝන්ගහවෙල ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් කොරෝනා ආසාදිතව තෙල්දෙණිය මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී කොරෝනා නිව්මෝනියාවෙන් මියගොස් තිබේ.
  2. දියතලාවේ පදිංචි 84 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් කොරෝනා ආසාදිතව බදුල්ල මහ රෝහලේ දී පසුගිය මැයි 03 වැනි දා මියගියෙය්. මරණයට හේතුව ලෙස දක්වා ඇත්තේ ක‍ොරෝනා නිව්මෝනියාව, බ්‍රොන්කයිටිස් තත්ත්වය හා පෙනහළු පටක හානිවීමයි.
  3. මාලඹේ පදිංචි 94 හැවිරිදි කාන්තාවක් ජාතික බෝවන රෝග විද්‍යයතනයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී 03 දා මියගියාය. ඇය ගේ මරණයට හේතුව ලෙස දක්වා ඇත්තේ කොරෝනා නිව්‍මෝනියාව, අධි රුධිර පීඩනය සහ හෘදයාබාධයකි.
  4. මහරගම ප්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි පිරිමි පුද්ගලයකු කොළඹ ජාතික රෝහ‍ලේ දී 03 වැනි දා මියගියේය මරණයට හේතුව කොරෝනා නිව්මෝනියාව, නිදන්ගත අක්මා රෝගය, දියවැඩියාව හා ඇදුම රෝගයයි
  5. අරණායක පදිංචි 68 හැවිරිදි පිරිමි පුද්ගලයකු කොරෝනා ආසාදනය වී මාවනැල්ල මූලිික‍ රෝහලේ දී මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොරෝනා නිව්මෝනියාවයි.
  6. විල්ම්මුල්ල පදිංචි 74 හැවිරිදි කාන්තාවක් ඊයේ (04) නිවසේ දී මියගියාය. මරණයට හේතුව කොරෝනා නිව්මෝනියා තත්ත්වයයි.
  7. වේයන්ගොඩ පදිංචි 69 හැවිරිදි කාන්තාවක් වතුපිටිවල මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මැයි 04 වැනි දින මියගොස් ඇත. මරණයට හේතුව කොරෝනා නිව්මෝනියාවයි
  8. දළුපොත ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි කාන්තාවකි. කොරෝනා ආසාදිතව මුල්ලේරියාව මූලික රෝහල වෙත මාරුකර යවා ඇති අතර 02 දා මියිගයාය. මරණයට හේතුව කොරෝනා නිව්මෝනියාවයි.
  9. මොරටුව 82 පදිංචි පිරිමි අයෙකි. කොරෝනා ආසාදිතව මුල්ලේරියාව මූලික රෝහල වෙත යවා සිටිය දී 03 වැනි දින මියගියාය. මරණයට හේතුව උග්‍ර කොවිඩ් නියුමෝනියාවයි.
  10. කුරුණෑගල පිදිංචි 64 හැවිරිදි පිරිිමි පුද්ගලයෙක් හෝමාගම මූලික රෝහලට යවා සිටිය දී ඊයේ (04) කොරෝනා නිව්මෝනියාව, අධි රුධිර පීඩනය, දියවැඩියාව, නිධන්ග වකුගඩු රෝගය සහ වකුගඩු හානිවීම  හේතුවෙන් මියගියේය.
  11. වස්කඩුව ප්‍රදේශයේ පදිංචි 73 හැවිරිදි කාන්තාව්ක කොරෝනා ආසාදනය වී හෝමාගම මූලික රෝහලට ඇතුළත් ිකරීමෙන් පසු 03 වැනි දින මියගියාය. මරණයට හේතුව කොකිඩ් නිව්මෝනියාවයි.

Related articles

Recent articles

spot_img