-4.8 C
New York

කොරෝනා හැදී එකම පවුලේ තිදෙනෙක් එකම දිනක දී මියයති

Published:

එකම පවුලේ තිදෙනෙක් කොරෝනා හේතුවෙන් ඊයේ (03) කොළඹ අයි‍ඩීඑච් රෝහලේ දී මියගියහ.

මෙසේ මියගොස් ඇත්තේ මාලඹේ ගෝනවත්තේ නිවසක සිටිය දී කොරෝනා ආසාදනය වී කොළඹ අයි.ඩී.එච් රෝහලට ඇතුළුකර සිටි තිදෙනෙකි. ඔවුන් අතර කඩුවෙළ නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රී (94) සහ විශ්‍රාමික හෙද නිලධාරිනියක් වන ඔහුගේ බිරිඳ (86) සහ එම යුවළගේ දියණියකගේ නැන්දනිය (82) බව සෞඛ්‍ය අංශ පවසයි.

ඔවුන් තිදෙනා කොරෝනා ආසාදනය වීම හේතුවෙන් කොළඹ අයිඩීඑච් රෝහලට පසුගිය අප්‍රේල් මස 22 වැනි දින ඇතුළත් කර ඇත. එමෙන්ම මියගිය මෙම යුවළගේ දියණියට සහ ඇගේ සමියාට ද ඔවුන්ගේ දරුවකුට ද කොරෝනා ආසාදනය වී මුල්ලේරියාව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිති.

Related articles

Recent articles

spot_img