-2.1 C
New York

ඉදිරි සති දෙක තුනේ දී දිනකට රෝගීන් 8,000-10,000ක් පමණ වාර්තාවිය හැකියි

Published:

ස්වයං විනයකින් තොරව සෞඛ්‍ය උපදෙස් නොතකමින් තවදුරටත් කටයුතු කළහොත් ඉදිරි සති දෙක තුන ඇතුළත දිනකට ආසාදිතයන් 8,000ත් 10,000ත් අතර ප්‍රමාණයක් වාර්තාවීමේ අවදානමක් පවතින බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පවසයි.

දිනක දී වාර්තාවන ආසාදිතයකු පුද්ගලයන් 04 දෙනෙකුට මේ වයිරසය බෝ කළහොත් සහ ජනතාව වයිරසයේ ව්‍යාප්තිය පිළිබඳ නොසැලකිල්ලෙන් කටයුතු කරන්නේ නම් ඉතාමත් භයානක තත්ත්වයක් ඇතිවන බව ඇය පවසයි.

කොරෝනා වසංගතය රට තුළ පාලනය කිරීමේ හැකියාව තවමත් තිබෙන බවත් ජනතාව ස්වයං විනයකින් තොරව කටයුතු කළ හොත් ඉදිරි සති දෙකේ දී එය පාලනයෙන් ගිලිහීයාමට ඉඩ ඇති බවත් ප්‍රනාන්දුපුල්ලේ ඇමතිවරිය කීවාය.

Related articles

Recent articles

spot_img