-4.8 C
New York

දිස්ත්‍රික්ක 05ක ප්‍රදේශ 09ක් හුදකලා කරයි

Published:

දිස්ත්‍රික්ක කිහිපයක කොරෝනා පැතිරීමේ අවදානම තවදුරටත් ඉහළ යාම හේතුවෙන් තවත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් අද (04) උදෑසන සිට හුදකලා කිරීමට කටයුතු කළ බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පවසයි.

එලෙස හුදකලා කරන ලද ප්‍රදේශ පහතින් දැක්වේ.

  1. කොළඹ දිස්ත්‍රික්කය

මොරටුමුල්ල පොලිස් බල ප්‍රදේශයේ විල්ලෝරාවත්ත ග්‍රාම නිලධාරී කොට්ඨාසය

2. කළුතර දිස්ත්‍රික්කය

දොඩම්ගොඩ පොලිස් බල ප්‍රදේශයේ බෝම්ඹුවල ග්‍රාම නිලධාරී කොට්ඨාසය

3. ගම්පහ දිස්ත්‍රික්කය

කඩවත පොලිස් බල ප්‍රදේශයේ ඇල්දෙණිය පල්ලිය පටුමග ග්‍රාම නිලධාරී වසම

කඩවත පොලිස්ර බල ප්‍රදේශයේ රණවිරු ධර්මසිරි මාවත යන ග්‍රාම නිලධාරී වසම

4. රත්නපුර දිස්ත්‍රික්කය

රත්නපුර ‍පොලිස් බල ප්‍රදේශයේ ගඟුල්විටිය ග්‍රාම නිලධාරී කොට්ඨාසය

රක්වාන පොලිස් බල ප්‍රදේශයේ පොතුපිටිය උතුර ග්‍රාම නිලධාරී කොට්ඨාසය

කලවාන පොලිස් බල ප්‍රදේශයේ හපුගොඩ ග්‍රාම නිලධාරී කොට්ඨාසය

5. නුවරඑළිය දිස්ත්‍රික්කය

නෝර්වුඩ් පොලිස් බල ප්‍රදේශයේ ඉන්ජස්ටිර් ග්‍රාම නිලධාරී කොට්ඨාසය

හැටන් පොලිස් බල ප්‍රදේශයේ පිහිටි ෆෝඩයිස් වත්ත ග්‍රාම නිලධාරී වසම

Related articles

Recent articles

spot_img