spot_img

කොරෝනා මරණ 700 ඉක්මවයි

පුවත්

විදෙස්

මෙරට සිදුවූ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව අද (03) 709ක් දක්වා ඉහළ ගිය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කරන ලද නිල ලේඛනයේ දක්වා ඇත. ඒ අද දිනයේ වාර්තා වූ කො‍රෝනා ආසාදිත මරණ 13ක් සමගිනි.

අද නිල වශයෙන් නිවේදනය කර ඇති මරණ පහත දැක්වෙයි.

  1. දිවුලපිටියේ පදිංචි 44 හැවිරදි කාන්තාවවක් කොරෝනා නිව්මෝනියාවෙන් අනුරාධපුර රෝහ‍ලේ දී මියගොස් ඇත.
  2. ජාඇල පදිංචි 70 හැවිරිදි කාන්තාවක් කොළඹ පුද්ගලික රෝහලක දී අධි රුධිර පීඩනය හා උග්‍ර වූ කොරෝනා නිව්මෝනියාව හේතුවෙන් මියගොස් ඇත.
  3. මාවිල්මඩ පදිංචි 42 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් තෙල්දෙණිය මූලික රෝහලේ දී මියගොස් ඇත. මරණයට හේතුව කොරෝනා නිව්මෝනියාව හා උග්‍ර වකුගඩු හානිවීමයි
  4. මීගමුව පදිංචි 68 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් කිලිනොච්චියේ ක්‍රිෂ්ණපුර ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සිටය දී උග්‍ර කොරෝනා නිව්මෝනියාව හා බහු ඉන්ද්‍රීය අක්‍රිය වීම හේතුවෙවන් මියගොස් ඇත
  5. මාලඹේ පදිංචි 66 හැවිරිදි පුද්ගලයෙක් උග්‍ර වකුගඩු අක්‍රීය වීම, කොරෝනා නිව්මෝනියාව, අධි රුධිර පීඩනය, හෘද රෝග හා පෙනහළු ආබාධ හේතුවෙවන් අයි.ඩී.එච්. රෝහලේ දී මියගොස් ඇත
  6. මාලඹේ පදිංචි 82 හැවිරිදි කාන්තාවක් අයිඩීඑච් රෝහලේ දී කොරෝනා නිව්මෝනියාවෙන් මියගියාය.
  7. බොරැල්ල පදිංචි 52 හැවිරිදි පිරිමි අයකු උග්‍ර ශ්වසන අපහසුතා, කොවිඩ් නිවුමෝනියාව, අධි රුධිර පීඩනය, දියවැඩියාව සහ ‍රුධිරයේ කොලෙස්ටරෝල් වැඩිවීම හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ දී මියගොස් ඇත.
  8. නුවරඑළියේ පදිංචි 59 හැවිරිදි පිරිමි පුද්ගලයකු කොළඹ පුද්ගලික රෝහලක දී මියගොස් ඇත. මරණයට හේතුව කොරෝනා නිව්මෝනියාව, ශ්වසන අපහසුතා සහ හෘද රෝග තත්ත්වය මෙන්ම දියවැඩියාව ලෙස දක්වා තිබේ.
  9. මෝදර පදිංචි 79 හැවිරිදි කාන්තාවක් ජාතික රෝහලට ඇතුළත් කරනවිටත් මියගොස් සිටියාය. මරණයට හේතුව කොවිඩ් නිව්මෝනියාව, දියවැඩියාව සහ අධි රුධිර පීඩනයයි.
  10. නිට්ටඹුව පදිංචි 68 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් වතුපිටිවල මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී කොවිඩ් පෙනහළු ආබාධයෙන් මියගියේය
  11. පානදුර පදිංචි 69 හැවිරිදි කාන්තාවකි. අනුරාධපුර ශික්ෂණ රෝහලේ දී මියගියාය. මරණයට හේතුව කොවිඩ් නිව්මෝනියාව සමඟ උග්‍ර වූ ශ්වසන අපහසුතා ලෙස දක්වා ඇත.
  12. බුලත්සිංහල පදිංචි 77 හැවිරිදි කාන්තාවක් හොරණ මූලික රෝහලේ දී මියගොස් ඇත මරණයට හේතුව කොවිඩ් නිව්මෝනියා තත්ත්වයයි
  13. ගම්පහ පදිංචි 80 හැවිරිදි කාන්තාවකි. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ දී මියගියාය. මරණයට හේතුව කොවිඩ් නිව්මෝනියාව සහ බහු ඉන්ද්‍රීය අක්‍රිය වීමයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles