හිවලා සපා කෑ දැරිය රෝහලේ. හිවලා මරුට

0
338

නිවසේ සාලයක සෙල්ලම් කරමින් සිටි වසරක් පමණ වයසැති දැරියක හිවලකු විසින් සපාකෑම හේතුවෙන් හොරණ මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි වෛද්‍යවරු කියති.

මෙම දැරිය සිය වැඩිමහල් සොහොයුරා සහ සොහොයුරියක සමග නිවසේ සෙල්ලම් කරමින් සිටි බවත් හිවලකු තම නිවස වෙත එනු දැක වැඩිමහල් පුතු මුළුතැන් ගෙයි සිටි මවට ඒ බව කී අවස්ථාවේ මව පැමිණ දැරිය ඔසවා ගන්නවාත් සමගම නිවසට ඇතුළු වූ හිවලා දැරියගේ දකුණු කකුල සපා කා ඇති බවත් ඇගේ පියා වනජීවී දෙපාර්තමේන්තුවට පවසා ඇත.

දැරිය ඔසවාගත් මව කෑ ගසමින් නිවසින් පිටතට යද්දී කාමරයක සැඟව සිටි හිවලා පලාගිය බව ද ඔහු කියයි. පියා නිවසට පැමිණෙමින් සිටිය දී හිවලා පඳුරු අතර සැඟවී සිටි බව ද ඔහු පවසා ඇත. පසුව අසල්වැසියන් හා එක්ව මුගුරුවලින් පහර දී හිවලා මරා දමා තිබේ.

පියා රෝහලට පැමිණ සිටියේ මියගිය හිවලාගේ සිරුර ද රැගෙනය. එය ඔහු විසින් වනජීවී නිලධාරීන් භාරයට පත්කර තිබිණි.

හොරණ මූලික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අයන්ති ජයවර්ධන මහත්මිය කියා සිටියේ හිවලා සපාකෑමෙන් තුවාල වූ දැරියට අවශ්‍ය මූලික ප්‍රතිකාර සිදුකර මේ වනවිට වැඩිදුර ප්‍රතිකාර සඳහා වාට්ටුවකට ඇතුළත් කර සිටින බවයි.  

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here