-2.1 C
New York

දකුණේ දිනක ආසාදිතයන් 200 ඉක්මවයි. වාර්තාවන ප්‍රදේශ මෙන්න

Published:

දකුණු පළාතෙන් දෛනිකව වාර්තාවන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව පළමු වතාවට අද (03) 200ක් ඉක්මවා ගියේය. දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානයේ ප්‍රධාන සම්බන්ධීකරණ නිලධාරී චාමර මහගමගේ පවසන්නේ අද (03) දහවල් 12.00ට අවසන් වූ පැය 24ක කාලයේ දී ආසාදිත වූ පුද්ගලයන් 204ක් වාර්තා වී ඇති බවයි.

ඉන් වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ මාතර දිස්ත්‍රික්කයෙනි. එම සංඛ්‍යාව 101කි. ගාල්ල දිස්ත්‍රික්කයෙන් අද වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව 72ක් වන අතර හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් අද ආසාදිතයන් 31ක් වාර්තා වී තිබේ

කොරෝනා ආසාදිතයන් වාර්තා වීම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස මට්ටමින්

මාතර දිස්ත්‍රික්කය 101

වැලිගම 28

මුලටියන 18

මාතර නගරය 14

මොරවක 11

තිහගොඩ 09

කිරින්ද පුහුල්වැල්ල 08

දෙවිනුවර 03

දික්වැල්ල 03

හක්මන 03

මාලිම්බඩ 03

කොටපොළ 01

ගාල්ල දිස්ත්‍රික්කය 72

ඉඳුරුව 15

අම්බලන්ගොඩ 12

හබරාදුව 12

ඉමදුව 07

නියාගම 07

හික්කඩුව 04

ඇල්පිටිය 03

බලපිටිය 02

නාගොඩ 02

ගාල්ල මහ නගර සභාව 02

අක්මීමණ 01

බෝපේ පෝද්දල 01

බද්දේගම 01

ගෝනාපීනුවල 01

කරන්දෙණිය 01

රත්ගම 01

හම්බන්තොට දිස්ත්‍රික්කය 31

තංගල්ල 18

බෙලිඅත්ත 04

හම්බන්තොට 04

සූරියවැව 02

තිස්සමහාරාමය 02

අඟුණුකොළපැලැස්ස 01

Related articles

Recent articles

spot_img