කරාපිටිය ශික්ෂණ රෝහල ඇතුළු රසායනගාරයන්හි පීසීආර් පරීක්ෂණ ප්‍රතිඵල ප්‍රමාදවීම හේතුවෙන් බරපතල ගැටලු මතුවී ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසති.
ඇතැම් පීසීආර් වාර්තා ලැබීම මේ වනවිට දින 04ක් ප්‍රමාද වූ අවස්ථා ද වාර්තා වී තිබේ. මේ සඳහා හොඳම සාක්ෂිය ලැබෙන්නේ අක්මීමණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙනි. එම කොට්ඨාසයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසන්නේ පීසීආර් පරීක්ෂණ ප්‍රතිඵල දින 04ක් ප්‍රමාද වූ බවයි. එමෙන්ම පසුගිය 29 වැනි දා (බ්‍රහස්පතින්දා) හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් පීසීආර් පරීක්ෂණයකට ලක්වූ පිරිසකට ද අද (03) වැනි දා උදෑසන 10.00 වනතුරු ද පරීක්ෂණ ප්‍රතිඵල දැනුම් දී තිබුණේ නැත. ඔවුන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගෙන් විමසීමේ දී පවසා ඇත්තේ මෙතෙක් ප්‍රතිඵල නොලැබුණු බැවින් නිවසේ නිරෝධායනය වී සිටින ලෙසයි.
හදිසියේ ම නිරෝධායනයට යොමුවීමට උපදෙස් ලබා ඇති එම පිරිසට නිවසින් පිටතට යාමට නොහැකි බැවින් රජයෙන් ලබාදෙන බව පවසන ආහාර මල්ලක් ලබාගත හැකි දැයි ග්‍රාම නිලධාරීවරයාගෙන් විමසූ විට පවසා ඇත්තේ එම නිවෙස්වල නිරෝධායනය වන පිරිසක් සිටින බවට සෞඛ්‍ය අංශය විසින් තමන් දැනුම්වත් කර නැති බවයි. මේ හේතුවෙන් බොහෝ දෙනකු දැඩි අසීරුතාවකට ලක්ව සිටිති.
මේ අතර තමන්ට කොරෝනා ආසාදනය වන්නට ඇතැයි සැක සහිත රෝග ලක්ෂණ ඇති ඇතැම් පුද්ගලයෝ පුද්ගලික රෝහල් වෙත ගොස් ඇන්ටිජන් පරීක්ෂණ කරවා ගනිති. එක්තරා පුද්ගලික රෝහලකට යන පුද්ගයකු ආසාදිත යැයි තහවුරු වූ විට එම ආසාදිත පුද්ගලයාට වෙනම කාමරයකට වී සිටින ලෙස දැනුම් දෙන බවත් තම පුද්ගලික රථයේ හෝ නිවසට යාමට ඉඩ නොදෙන බවත් රෝගී වූ පුද්ගලයන් නගන චෝදනාවකි. ඉන් පසු එම කාමරයේ ගාස්තු ලෙස රුපියල් 3000.00ක මුදලක් අයකරන බව ද ඔවුහු කියති.
පීසීආර් වාර්තාවල ප්‍රමාදය තමන්ට බරපතල ප්‍රශ්නයක් යැයි රජයේ නිලධාරීන් ම චෝදනා කරති. එම ප්‍රතිඵල ලැබෙන තුරු තමන්ට රැකියාව සඳහා යාමට නොහැකි බවත් වාර්තා ප්‍රථිපල ප්‍රමාදවන දින ගණනට තමන්ට නිවාඩු නොලැබෙන බවත් ඔවුහු කියති.
සෞඛ්‍ය අංශ පවසන්නේ මේ වනවිට ගාල්ල ප්‍රදේශයේ කොරෝනා පැතිරීමේ සීඝ්‍රතාව හේතුවෙන් දිනකට කිරීමට සිදුවවන පරීක්ෂණ සංඛ්‍යාත්මකව ඉහළ අගයක් ගෙන ඇති බැවින් මෙවැනිි ප්‍රමාදයක් සිදුව තිබෙන බවයි.