වසර හයකට වැඩි කාලයක් මහින්ද විද්‍යාලයේ පුරප්පාඩු වී ඇති මහින්ද විද්‍යාලය ඇතුළු ජාතික පාසල් 07ක් සඳහා ස්ථිර විදුහල්පතිවරයකු පත්කිරීම තවත් දින කිහිපයකින් ප්‍රමාදවන බව අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා පවසයි.
අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අයදුම්පත්‍ර කැඳවා සම්මුඛ පරීක්ෂණයකින් තෝරගන්නා ලද විදුහල්පතිවරුන්ගේ ලිපිගොනු අනුමැතිය සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාවට යැවීමෙන් පසු ගාල්ල මහින්ද විද්‍යාලය ඇතුළු පාසල් 07ක් සඳහා පසුගිය අප්‍රේල් 08 වැනි දා විදුහල්පතිවරුන්ගේ පත්වීම් එම කොමිසම විසින් අනුමත කර අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත යවා තිබිණි.
ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මීට ඉහත කියා සිටියේ රාජ්‍ය සේවා කොමිසමෙන් මහින්ද විද්‍යාලයේ ස්ථිර විදුහල්පතිරවයාගේ පත්වීම තවදුරටත් ප්‍රමාද වන්නේ නම් නව පාසල් වාරය ආරම්භ කිරීමට පෙර වෙනත් වැඩබලන විදුහල්පතිරවයකු පත්කිරීමට තමන් කටයුතු කරන බවයි. දැනට එම විද්‍යාලයේ විදුහල්පතිවරයකු නොමැති බැවින් නියෝජ්‍ය විදුහල්පති ගාමිණී ජයවර්ධන වසර 07කට ආසන්න කාලයක් විදුහල්පතිධූරයේ වැඩ ආවරණය කරයි.
මේ සම්බන්ධයෙන් ආදි සිසුන්ගෙන් සහ පාසල් සංවර්ධන සමිති සාමාජිකයන්ගෙන් ද විශාල විරෝධයක් ඇති බව අධ්‍යාපන ලේකම්වරයා කියා සිටියේය.
කෙසේ වෙතත් පාසලේ ස්ථිර විදුහල්පතිධූරයට පත්වීම සඳහා මෙතෙක් අවශ්‍ය සුදුසුකම් සපුරා නොමැති ගාමිණී ජයවර්ධන වැඩ ආවරණය කරන විදුහල්පතිවරයා පසුගිය දින කිහිපයක් ම දේශපාලන බල අධිකාරිය මුණ ගැසී මහින්ද විද්‍යාලයට ස්ථිර විදුහල්පතිවරයකු පත්කිරීම ප්‍රමාද කර දෙන ලෙස ඉල්ලා ඇති බවට ආදි ශිෂ්‍යයන්ගෙන් ද චෝදනා එල්ලවිය.
එය සනාථ වූයේ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා කරන ලද ප්‍රකාශයකිනි.
ඔහු පවසන්නේ අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පීරිස් දැනට අනුමත කර ඇති පත්වීම් ලබා නොදෙන ලෙස තමන්ට දැනුම් දුන් බවයි. දැනට ඇති පුරප්පාඩු සඳහා 171 දෙනකු පත්කිරීමට නියමිතව ඇති බැවින් අනුමත කළ 07 දෙනා පමණක් පත් නොකරන ලෙස අමාත්‍යවරයා උපදෙස් දී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලෙක්ම්වරයා පවසයි.
අධ්‍යාපන පරිපාලන පළමු ශ්‍රේණියේ නිලධාරීන් විදුහල්පතිධූරයට පත්විය යුතු පාසල් 29ක්, අධ්‍යාපන පරිපාලන ශ්‍රේණියේ දෙදවන සහ තුන්වන ශ්‍රේණියේ නිලධාරීන් විදුහල්පති තනතුරට පත්විය යුතු පාසල් 31ක් සහ ශ්‍රේණිධර විදුහල්පතිවරු පත්විය යුතු පාසල් 111ක් තිබෙන බව අධ්‍යාපන ලේකම්වරයා පවසයි.
ගැටලුව ඇත්තේ වසර 07කට ආසන්න කාලයක් ස්ථිර විදුහල්පතිවරයකු නොමැතිව අධ්‍යාපන තත්ත්වයෙන් පවා පහතට වැටී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ම දත්ත අනුව සානථවන ගාල්ල මහින්ද විද්‍යාලයට පත්කිරීම සඳහා අනුමතර කර ඇති ස්ථිර විදුහල්පතිවරයාගේ පත්වීම අමාත්‍ය ජී.එල්.පීරිස් විසින් ප්‍රමාද කිරීමයි.
මේ පිළිබඳ අමාත්‍යවරයා විමසීමට දින කිහිපයක් ම ඔහුගේ ජංගම දුරකථනයට ඇමුතුම් ගත්ත ද එයට පිළිතුරු දෙන්නේ වෙනත් අයෙකි. අමාත්‍යතුමා ඇමතීමට අවශ්‍ය පණිවිඩය කී විට නැවත ඇමතුමක් දෙන්නම් යැයි ඔවුන් කීව ද පිළිතුරු ලැබෙන්නේ නැත. අපි අමාත්‍ය ජී.එල්.පීරිස් ඇමතීමට පසුගිය අප්‍රේල් 24 වැනි දා දක්වා උත්සාහ දරා ඇත.
පසුගිය දිනක රජයේ ප්‍රබලයකු මහානායක හිමිවරුන් බැහැදුටු අවස්ථාවක දී ද ජී.එල්.පීරිස් අමාත්‍යවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් විරෝධී ප්‍රකාශයක් සිදුකරන ආකාරය මාධ්‍ය මගින් ද ප්‍රචාරය කෙරිණි.
කවුද යි ප්‍රබල දේශපාලනඥය රමේෂ් නේද ?