-4.8 C
New York

බාස්නාහිර පළාතේ දිනක ආසාදිතයන් 1,000 ඉක්මයි. රටම අවදානමක

Published:

දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ඊයේ (02) මෙරටින් වාර්තා වූ අතර ඊයේ දිනයේ දී බස්නාහිර පළාතෙන් පමණක් ආසාදිතයන් 1014 දෙනකු වාර්තාවීම විශේෂත්වයකි.

ඒ කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 387ක්, කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 330ක් සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 297 දෙනකු වශයෙනි.

මීට අමතරව කුරුණෑගල 51ක්, ගාල්ල 80, මොණරාගල 44, මාතර 17, කෑගල්ල 47, බදුල්ල 35, අම්පාර 07, අනුරාධපුර 71ක්, ත්‍රිකුණාමලය 45, වව්නියාව 03, මහනුවර 66, නුවරඑළිය 102, රතන්පුර 70, පුත්තලම 88, යාපනය 05, මාතලේ 22, පොළොන්නරුව 19, කිලිනොච්චිය 14, මඩකළපුව 02, හම්බන්තොට 35, මුලතිව් 06 සහ විදේශගතව සිට මෙරටට පැමිණි පුද්ගලයින් 45 දෙනෙකු ආසාදිතයින් ලෙස හඳුනා ගෙන ඇත.

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 111,753ක් දක්වා ඉහළ ගොස් ඇති අතර රෝහල් ගතව සිටින ආසාදිතයින් සංඛ්‍යාව 13,824ක්. සුවය ලද පිරිස 97,242ක්.

මේ අතර ඊයේ දිනයේදී මෙරටින් තවත් කොරෝනා මරණ 09ක් වාර්තා වී ඇති අතර මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 696ක් දක්වා ඉහළ ගොස් ඇත.

Related articles

Recent articles

spot_img