-5.9 C
New York

හුදකලා ප්‍රදේශ‍ සංශෝධනය කරයි. අලුත් ප්‍රදේශ එක්වෙයි. කිහිපයක් ඉවත් වෙයි

Published:

අවදානම් තත්ත්වය සැළකිල්ලට ගනිමින් තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කිරීමට කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පියවර ගෙන තිබේ.

එහි ප්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා කියා සිටියේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ හඟුරන්කෙත පොලිස් බල ප්‍රදේශයේ රත්මැටිය ග්‍රාම නිලධාරී වසම, කළුතර දිස්ත්‍රික්කයේ පානදුර දකුණ පොලිස් බල ප්‍රදේශයේ පිංවත්ත නාරම්පිටිය සහ පිංවත්ත බටහිර ග්‍රාම නිලධාරී වසම් කළුතර දිස්ත්‍රික්කයේ බණ්ඩාරගම සහ බණ්ඩාරගම නැගෙනහිර ග්‍රාම නිලධාරී වසම්, කොළඹ දිස්ත්‍රික්කයේ පාදුක්ක පොලිස් බල ප්‍රදේශයේ පිහිටි උක්ගල්ල ග්‍රාම නිලධාරී වසම, ගම්පහ දිස්ත්‍රික්කයේ වත්තල පොලිස් බල ප්‍රදේශයේ අල්විස් ග්‍රාම නිලධාරී කොට්ඨාසය, මඩකලපුව දිස්ත්‍රික්කයේ මුන්මුනෙයි උතුර පොලිස් බල ප්‍රදේශයේ තිස්සවීරසිංහම් චතුරශ්‍රය ග්‍රාම නිලධාරී කොට්ඨාසය මෙලස හුදකලා කර ඇත.

එමෙන්ම පිළියන්දල පොලිස් බල ප්‍රදේශයම ඊයේ දිනයේ හුදකලා කර තිබූ අතර අද (03) උදෑසන 5.00 සිට එම තත්ත්වය ඉවත් කර පිළියන්දල පොලිස් බල ප්‍රදේශයේ දම්පේ, බටකැන්තර උතුර, කැස්බෑව දකුණ, පැළැන්වත්ත නැගෙනහිර, මාකන්දන නැගෙනහිර, මාවිත්තර උතුර සහ මඩපාත ග්‍රාම නිලධාරී වසම් හුදකලා කර තිබේ. එමෙන්ම මහරගම පොලිස් බලප්‍රදේශයට අයත් ඇරැව්වල  උතුර ග්‍රාම නිලධාරී වසම ද හුදකලා කර තිබේ.

Related articles

Recent articles

spot_img