-2.1 C
New York

නීති කැඩූ හාමුදුරුවන් රාජකාරියට බාධා කළැයි කියමින් PHI පොලිසි යයි.

Published:

ගාල්ලේ රත්ගම මොන්රෝවියා වත්තේ නිවසක නිරෝධායන නීති උල්ලංඝනය කරමින් පැවැත්වෙමින් තිබූ දානමය පිංකමක් නැවැත්වීමට ගිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සමඟ වාදයක පැටලෙමින් රාජකාරියට බාධා කළ බෞද්ධ භික්ෂුවකට එරෙහිව රත්ගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු අද (02) රත්ගම පොලිසියට පැමිණිලි කර තිබේ.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පොලිසියට දැනුම් දී ඇත්තේ ඔවුන් නිවසක පිරිසක් නිරෝධායනය කිරීම සඳහා මොන්රෝවියා වත්තට ගිය අවස්ථාවේ දී එම ගම්මානයේ නිවසක දානමය පිංකමක් පැවැත්වෙමින් තිබූ බවයි. ඒවැනි පිංකම් නොපවත්වන ලෙස සෞඛ්‍ය නිර්දේශ ලබා දී තිබිය දී සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවලට තර්ජනයක් වන ආකාරයෙන් පිරිස් කැඳවා පවත්වමින් තිබූ මෙම දානයට අනුමැතිය ද ගෙන තිබුණේ නැත.

එහි ගිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු දානය නවත්වන ලෙස උපදෙස් දුන් අවස්ථාවේ දී භික්ෂූන් වහන්සේලා සහ නිවැසියන් ද ගම්මානයේ පදිංචිකරුවන් කිහිප දෙනෙකු ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ රාජකාරියට බාධා කර ඇත.

මේ පිළිබඳ අද (02) සවස රත්ගම පොලිසියට පැමිණිලි කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් රත්ගම පොලිසිය පරීක්ෂණ පැවැත්වීමට නියමිතය.

Related articles

Recent articles

spot_img