-4.8 C
New York

පැතිරයන කොරෝනා ප්‍රභේදය අතිශය දරුණු බව මහාචාර්ය නීලිකා මලවිගේ පවසයි

Published:

2020 මාර්තු මාසයේ සිට මෙරට පැතිරගිය කොරෝනා පළමු රැල්ල හා දෙවැනි රැල්ලේ දී වයාප්ත වූ වයිරස ප්‍රභේදය හා සන්සන්දනය කිරීමේ දී මේ වනවිට පැතිරෙමින් තිබෙ වයිරස ප්‍රභේදය ස්වසන පද්ධතියට පහසුවෙන් ඇතුළුවවන බවත් ආසාදනය වීමට අවශ්‍ය වයිරස ප්‍රමාණය ද ඉතා අඩු අගයක් ගන්නා බවත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රතිශක්ති විද්‍යා හා අණුක වෛද්‍ය විද්‍යා අධ්‍යයනාංශයේ ප්‍රධානී මාහචාර්ය නීලිකා මලවිගේ පවසයි.

මීට පෙර පැතිරගිය වයිරස ප්‍රභේදය ආසාදිත වූ අයගෙන් 90% ප්‍රමාණයකට කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකළ ද දැන් පැතිරෙමින් තිබෙන වයිරසය ආසාදනය වූ අයගෙන් 50%කට පමණ රෝග ලක්ෂණ පෙන්නුම් කරන බව ද මහාචාර්යවරිය කියන්නීය.

එමෙන්ම මෙම වයිරස ප්‍රභේදය ආසාදනය වූ අයගේ රෝග ලක්ෂණ ඉතාමත් දරුණු ලෙස පෙන්වන බව හඳුනාගෙන තිබේ. මෙහි වඩාත්ම දරුණු තත්ත්වය වන්නේ මෙවර පැතිරෙන වයිරස ප්‍රභේදය වයස් භේදයකින් තොරව සියලු දෙනාට දරුණු ලෙස රෝග ලක්ෂණ පෙන්වීමයි. එමෙන්ම එය තරුණයන්ට ආසාදනය වීමේ වැඩි නැඹුරුවක් පෙන්වයි.

මහාචාර්ය නීලිකා මලවිගේ පවසන්න් ඉන්දියාවේ බ්‍රිතාන්‍ය ‍වයිරස ප්‍රභේදය මෙන්ම ඉන්දියාවෙන් වාර්තාවන ප්‍රභේදයක් යන දෙකම දක්නට ලැබෙන බවයි. ඉන්දියාවේ 50%ක‍ට පමණ ආසාදනය වී ඇත්තේ බ්‍රිතාන්‍ය ප්‍රභේදයයි. එම ප්‍රභේද දෙක දිල්ලි ප්‍රදේශයේ 50%-50% වශයෙන් දක්නට ලැබෙන බව මහාචාර්යවරිය පවසයි. මහාරාෂ්ට ප්‍රාන්තයේ 70%-80% පමණ ව්‍යාප්ත වන්නේ ඉන්දීය ප්‍රභේදයයි.

ඉන්දියාවේ දරුණු තත්ත්වයක් ඇතිවීමට ඉන්දියාවේ ප්‍රභේදය මෙන්ම මෙරට ද ව්‍යාප්තවන බ්‍රිතාන්‍ය ප්‍රභේදය හේතුවී ඇතැයි මහාචාර්ය නීලිකා මලවිගේ පවසන්නීය.

Related articles

Recent articles

spot_img