-5.9 C
New York

අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපතිටත් කොරෝනා

Published:

අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රේමලාල් කුමාරසිංහ කොරෝනා ආසාදිත යැයි තහවුරු වූ බව සෞඛ්‍ය අංශ පවසයි.

පසුගිය දිනක අම්බලන්ගොඩ නගර සභාවේ සභාපතිවරයා ද කොරෝනා ආසාදනය වී රෝහල්ගත කෙරුණු අතර තම facebook පිටුවේ සටහනක් තබන ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රේමලාල් කුමාරසිංහ පවසන්නේ තමන් නගර සභාවේ සභාපතිවරයාගේ සමීප ආශ්‍රිතයකු වූ බැවින් 27 වැනි දින සිට නිවසේ නිරෝධායනය වෙමින් සිටි බවයි. ඒ අනුව 28 වැනි දා ලබාගත් පීසීආර් පරීක්ෂණ වාර්තාවේ ප්‍රතිඵල අද (01) ඔහු වෙත සෞඛ්‍ය අංශ විසින් ලබා දී තිබේ.

එම වාර්තාව අනුව ඔහු ද කොරෝනා ආසාදිතයෙකි. සභාපතිවරයා දැනුම් දෙන්නේ තමන් සමඟ සම්බන්ධ වූ සියලු දෙනාම සෞඛ්‍ය උපදෙස් පිළිදිමින් කටයුතු කරන ලෙසයි. ඔහු රෝහල්ගවීමට නියමිතව මෙතෙක් නිවසේ සිටියි.

Related articles

Recent articles

spot_img