කොරෝනා ආසාදිත වී මියගිය පුද්ගලයන් 11 දෙනකු පිළිබඳ තොරතුරු රජයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් උපුටා දක්වමින් ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක විසින් නිකුත් කර තිබිණි.
- පිළියන්දල පදිංචි 79 හැවිරිදි කාන්තාවක් 30 වැනි දින පුද්ගලික රෝහලකට ඇතුළු කරන අවස්ථාවේ දී මියගොස් සිටියාය. මරණයට හේතුව කොරෝනා නිව්මෝනියා තත්ත්වයයි
- දෙහිඅත්තකණ්ිය පදිංචි 76 හැවිරිදි පිරිමි අයකු පෙළොන්නරුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී අප්‍රේල් 30 වැනි දින මිගියාය. කොවිඩ් ආසදනය සමඟ ඇති වූ හෘදයාබාධයක් මේ මරණයට හේතු වී ඇත.
- මාතලේ පදිංචි 67 හැවිරිදි කාන්තාවක් 29 වැනි දින මාතලේ මහ රෝහලේ දී මියගියාය. කොවිඩ් පුප්ඵුශීය සින්ඩ්‍රෝම් තත්ත්වයක් හේතුවෙන් මියගොස් ඇත.
- කළුතර පදිංචි 82 හැවිරිදි පිරිමි පුද්ගලයකු ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ සිට ඉංගිරිය මූලික රෝහලට මාරුකර යවා සිටිය දී අප්‍රේල් 30 මියගියේය. මරණයට හේතුව කොරෝනා නිව්මෝනියාවයි
- වත්තල පදිංචි 53 හැවිරිදි පිරිමි අයෙක් කොළඹ ජාතික රොහලේ සිට කොරෝනා බව හඳුනාගැනීමෙන් පසු කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලට මාරුකර යැවීමෙන් පසු 29 වැනි දින මියගියේය. මරණයට හේතුව නිව්මෝනියාව සහ ශ්වසන පද්ධතියේ ආසාදනයයි
- දිවුලපිටිය පදිංචි 51 හැවිරිදි පුද්ගලයෙක් 29 වැනි දින නිවසේ දී මියගියේය. මරණයට හේතුව නිදන්ගත අක්මා රෝගයක් සමඟ ඇති වූ කොරෝනා ආසාදනයයි
- පැපිළියාවල පදිංචි 77 හැවිරිදි පුද්ගලයෙක් වතුපිටිවල මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී අප්‍රේල් 30 වැනි දින මියගියේය. මරණයට හේතුව කොරෝනා නිව්මෝනියා තත්ත්වයකි.
- අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි 64 හැවිරිදි කාන්තාවක් අනුරාධපුර රෝහලේ දී කොරෝනා ආසාදිත බව හඳුනාගෙන නොච්චියාගම දිස්ත්‍රික් රෝහලට ද පසුව අනුරාධපුර මෙත්සිරි සෙවණ ප්‍රතිකාර මධ්‍යස්ථානයට යවා ඇති අතර එහි දී 30 වැනි දින මියගියේය. මරණයට හේතුව කොරෝනා නිව්මෝනියාව හා උග්‍ර වූ ශ්වසන අපහසුතාය
- කොලඹ 14 පදිංචි 94 හැවිරිදි පුද්ගලයෙක් 28 වැනි දින නිවසේ දී මියගියේය. මරණයට හේතුව කොරෝනා නිව්මෝනියාවයි
- පරගස්තොට පදිංචි 65 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් 28 වැනි දින කළුතර මහරෝහල වෙත ඇතුළුකරන අවස්ථාවේ මියගොස් සිටි අතර මරණයට හේතුව කොරෝනා ආසාදනය, ලේ විෂවීම හා හෘද රෝගී තත්ත්වයකි
- කැලණිය පදිංචි 46 හැවිරිදි කාන්තාවක් 27 වැනි දින කොළඹ ජාතික රෝහලට ඇතුළුකරන විට මියගොස් සිටියේය. මරණයට හේතුව කොරෝනා නිව්මෝනියාවයි.