-2.1 C
New York

ගාල්ලේ ආසාදිතයන් 229ක් තවමත් නිවෙස්වල. රෝහල් ඉඩ නෑ

Published:

ගාල්ල දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදිතයන් 229 දෙනකු රෝහල්ගත කිරීමට ඊයේ (30) දිනය අවසන්වන තුරුම හැකියාවක් ලැබී නැතැයි බලපිටිය රෝහලේ වෛද්‍ය රුවන් සංජීව තම facebook පිටුවේ සටහනක් තබමින් පවසයි.

ඔහු පවසන්නේ ආසාදිත වූ පුද්ගලයන් ඇතුළත් කිරීම සඳහා රෝහල් හෝ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල ඉඩ නොමැතිවීම හේතුවෙන් නිවෙස්වලම සිටීමට සිදුව ඇති බවයි.

මේ පිළිබඳ සොයා බැලීමේ දී කොරෝනා ආසාදිත බව තහවුරු වූ පසුව ද දින දෙකක් පමණ රෝහල්ගත විය නොහැකිව නිවෙස්වලම කොටුවී සිටින ආසාදිතයන් ගාල්ල දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක ම සිටින බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල කිහිපයකින්ම දැනගන්නට ලැබිණි.

Related articles

Recent articles

spot_img