-4.8 C
New York

ශ්‍රී ලංකාවේ තත්ත්වය ගැන හිත සසළවන කතාවක්

Published:

මේ සටහන අපට දක්නට ලැබුණේ රා‍ගම වෛද්‍ය පීඨයේ මහාචාර්ය විශේෂඥ ළමා රෝග වෛද්‍ය ප්‍රියන්ත පෙරේරාගේ facebook පිටුවෙනි. ඔහු මේ සටහන තබා ඇත්තේ ඊයේ (30) රාත්‍රී 9.00 පමණය. මේ දැන් ශ්‍රී ලංකාවේ සැබෑ තත්ත්වයයි.

දැන් ටිකකට කළින් මගෙන් බෙහෙත් ගන්න බබෙක්ගෙ තාත්ත කෙනෙක් කතා කළා.

“ඩොක්ටර්, මගෙ වයිෆ්ගෙ PCR පොසිටිව්. MOH එකෙන් කිව්ව, වයිෆ්ව යවන්න කොහෙවත් හොස්පිටල් බෙඩ් එකක් නෑ, ඒ හින්දා ගෙදරම ඉන්න කියලා. හුස්ම ගන්න අපහසුතාවක් වගේ ඇතිවුනොත් දැණුම් දෙන්න කිව්වා”

ඇත්තටම ඔහු කතා කළේ මාස දහයක් වූ ඔහුගේ දරුවා ආරක්ෂා කර ගත යුතු ආකාරය දැන ගැනීමටයි.

නමුත් මේ ආරංචිය මගෙ හිත බලවත් සේ සසළ කළා….

මේ නම් බරපතළ ව්‍යසනයක පෙරනිමිත්තක්.

කරුණාකර ප්‍රවේශම් වන්න.

එපමණයි කියන්න තියෙන්නෙ……

සවන් ඇත්තෝ සවන් දෙත්වා……

Related articles

Recent articles

spot_img