-5.9 C
New York

ඇස්ට්‍රාසෙනිකා එන්නත් ගත් 75කට කොරෝනා

Published:

මෙරට කොරෝනා මර්ධනය කිරීම සඳහා ලබාදුන් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයන් 75කට පමණ කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර පවසයි.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවක දී ඔහු මේ බවකියා සිටියේය.

මේ වනවිට එම පළමු මාත්‍රාව ලබාදුන් පුද්ගලයන් ලක්ෂ 09කට මදක් වැඩි ප්‍රමාණයක් ශ්‍රී ලංකාවේ සිටින අතර ඔවුන්ගෙන් ලක්ෂ 2.5කට පමණ දෙවැනි මාත්‍රාව දීම සඳහා ප්‍රමාණවත් එන්නත් සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව පැවැති බැවින් එම ප්‍රමාණය එන්නත් කිරීම ආරම්භ කර තිබේ. එසේ වුව ද එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් ලක්ෂ 07කට ආසන්න ප්‍රමාණයකට දෙවැනි මාත්‍රාව ගැනීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇත.

Related articles

Recent articles

spot_img