මේ ඡායාරූපයෙන් දැක්වෙන දරුවන් දෙදෙනා අපේ පාඨකයකුගේ කැමරාවේ සටහන්ව ඇත්තේ කරුවලගස්වැව ප්‍රදේශයේ දී ය. ළමා වියේ පසුවන මේ දැරිය තවත් එවැනිම දරුවකු ද යතුරුපැදියේ පසුපසින් තබාගෙන ධාවන කරන්නීය.
ඔවුන් මෙලෙස වැඩිහිටියකු නොමැතිව මහ මඟ යන්නේ කවර වූ අවශ්‍යතාවයක් සඳහාදැයි අප දන්න් නැත. මෙහි වැරදි කිහිපයක් ම තිබේ.
පළමු වරද කරන්නේ මේ යතුරුපැදියේ හිමිකරුවාය. යතුරුපැදියක් ධාවනය කිරීම සඳහා වලංගු රියදුරු බලපත්‍රයක් නොමැති මේ දරුවන්ට තම රථය ලබාදීම ඔහුට නීතියෙන් දඬුවම් හිමිවිය යුතු වරදකි.
වලංගු රියදුරු බලපත්‍රයක් නැතිව මේ දැරිය රිය පදවයි. එය නීතිය හමුවේ වරදකි. එමෙන්ම ඔවුන් දෙදෙනාටම හිස් ආවරණ නැත. එය ද වරදකි.
මේ දරුවන් දෙදෙනාම රියදුරු බලපත්‍රයක් ගැනීමට අවශ්‍ය වයස සම්පූර්ණකර නොමැති බව බැලූ බැල්මටම පෙනෙන්නට තිබේ. එසේනම් මහා මාර්ගයක රිය පැදවීම බලපත්‍රයක් නැතිව කිසිදු පළපුරුද්දක් නොමැතිව මෙලෙස ගමන් කිරීම මේ දෙදෙනාගේම ජීවිත අවදානමක දැමීමකි. මෙවැනි වරදවල් සිදු නොවිය යුතුය යන්න අපගේ අදහසයි.
