රජයේ සියළු රැස්වීම් අවලංගු කරන ලෙස නියෝග කර තිබිය දී එම උපදෙස් නොතකා කුඩා තේවතු සංවර්ධන අධිකාරිය මගින් පසුගිය 27 වැනි දා ගාල්ලේ දී පැවැත්වූ රැස්වීමක් හේතුවෙන් තේ කර්මාන්ත ක්ෂේත්‍රයේ විශාල පිරිසක් දැඩි අවදානමකට ලක්ව සිටිති.
මෙම රැස්වීම සඳහා වැවිළි අමාත්‍ය රමේෂ් පතිරණ සහභාගීවන බව කලින් දැනුම් දී තිබුණ ද ඔහු පැමිණියේ නැත. වැවිළි කර්මාන්ත අමාත්‍යාංශයේ අතිරේක ලේකම් තරංගනී වික්‍රමසිංහ, සහකාර අධ්‍යක්ෂ ප්‍රභාත් ජයරත්න, කුඩා තේවතු සංවර්ධන අධිිකාරියේ සභාපති මහින්ද විදානපතිරණ, සාමාන්‍යාධිකාරී ධම්මික මහීපාල, කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ මාතර හා ගාල්ල ප්‍රාදේශීය කළමනාකරු ඊ.ආර්.එස්.ගුණවර්ධන, සාලිය නාරංගස්පිටිය, සහකාර ප්‍රාදේශීය කළමනාකරුවන්, රජයේ සහ පෞදගලික අංශයේ වාණිජ බැංකු කිහිපයක නියෝජිතයන්, කුඩා තේ වතු සමිති නියෝජිතයන් සහ ගාල්ල හා මාතර තේ පරීක්ෂකවරු සහභාගී වී සිටියහ.
මෙම පිරිස 70ක් පමණ වන බව දැනට අනාවරණය වී තිබේ.
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා ආසියානු සංවර්ධන බැංකු ණය යෝජනා ක්‍රමය යටතේ මාතර හා ගාල්ල දිස්ත්‍රික්ක දෙකේ කුඩා තේ වතු හිමියන්ට බැංකු ණය ලබාදීමේ ප්‍රගති සමාලෝචනය කිරීමේ සාකච්ඡාවක් ලෙස මෙය පැවැත්විණි. එය ගාල්ල දඩල්ලේ සනෝරා උත්සව ශාලාවේ දී මෙය පැවැත්විණි.
තේ පැන් සංග්‍රහයක් සහ දිවා භෝජන සංග්‍රහයක් ද සිදුකර තිබේ.
රජයෙන් ලබා දී තිබූ උපදෙස් උල්ලංඝනය කරමින් පැවැත්වූ මෙම රැස්වීමට සහභාගී වූ නිලධාරියකු මේ වනවිට කොරෝනා ආසාදිත බව හඳුනාගෙන ඇති අතර අනෙක් සියලුම නිලධාරී නිලධාරිනියන් නිරෝධායනය කිරීමට සිදුවන බව සෞඛ්‍ය අංශ පවසයි.
මේ පිළිබඳ කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ මාතර හා ගාල්ල ප්‍රාදේශීය කළමණාකරු ඊ.ආර්.එස්.ගුණවර්ධනගෙන් විමසූ විට ඔහු කියා සිටියේ තමන්ට කිසිදු අදහසක් ප්‍රකාශ කළ නොහැකි බවයි.
ගාල්ලේ හරක් ටයි දාගෙන