-5.9 C
New York

“අපි කියන දේ අහන්නේ නෑ. ‍ආසාදිතයන් නිවෙස්වලම මැරෙනවා” – PHI සංගමය

Published:

කොරෝනා ආසාදනය වූ රෝගීන් සංඛ්‍යාව දිනෙන් දින වේගයෙන් ඉහළ යමින් පවතින බැවින් ඔවුන් යොමුකිරීමට ප්‍රතිකාර මධ්‍යස්ථාන සොයා ඒ වෙත යැවීම ද ප්‍රමාදවන බව ශ්‍රී ලංකා මහජන පරීක්ෂකවරුන්ගේ සංගමය කියයි.

මෙම ප්‍රමාදය හේතුවෙන් ආසාදිතයන්ට තම නිවෙස්වලමට දීර්ඝකාලයක් රැඳී සිටීමට සිදුවන බවත් මේ හේතුවෙන් මරණ සංඛ්‍යාවද ඉහළ යමින් පවතින බවත් එම සංගමයේ සභාපති උපුල් රෝහණ පවසයි.

මෙවැනි භයානක තත්ත්වයකට රට ගමන් කරමින් තිබෙන බැවින් රට සම්පූර්ණයෙන් ම අඟුළු දැමීමක් හෝ සංචරණ සීමා පැනවීමක් කරන්න යැයි තම සංගමය රජයෙන් ඉල්ලා සිටිය ද බලධාරීන් ඒ පිළිබඳ මෙතෙක් අවධානය නොකිරීම කණගාටුවට කරුණක් බවත් ඔහු පවසයි.

Related articles

Recent articles

spot_img