මෙරට කොරෝනා මර්ධනය කිරීම සඳහා ලබාදුන් ඇස්ට්‍රා සෙනිකා එන්නතේ දෙවැනි මාත්‍රාව ලබාගැනීමට නොහැකිවීමේ දැඩි අර්බුදයක් හටගෙන තිබේ. මේ හේතුවෙන් එහි පළමු මාත්‍රාව ලබාදුන් පුද්ගලයන් සඳහා වෙනත් එන්නතක් ලබාදිය හැකි ද යන්න පිළිබඳ මේ වනවිට අධ්‍යයනය කරමින් සිටින බව වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර පවසයි.
ශ්‍රී ලංකාවට ඉන්දියාවෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු ඇස්ට්‍රාසෙනිකා එන්නත් සහ ඉන් පසු මිලදීගත් එන්නත් ලක්ෂ 09කට වැඩි ප්‍රමාණයක් පළමු මාත්‍රාව ලෙස ලබාදුන් අතර සෞඛ්‍ය ආමාත්‍යාංශය මුලින් පවසා සිටියේ දෙවැනි මාත්‍රාවට අවශ්‍ය එන්නත් තමන් සතුව ඇති බවයි. නමුත් අනාවරණය වූයේ එන්නත් ලක්ෂ 02කට මදක් වැඩි ප්‍රමාණයක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශය සතුව පවතින බැවින් පළමු එන්නත් මාත්‍රාව ලබාදුන් ලක්ෂ 07කට පමණ දෙවැනි මාත්‍රාව නොලැබීමේ අවදානමක් ඇති බවයි.
මේ අතර ඉන්දියාවේ පවතින තත්ත්වය හමුවේ ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබාගැනීමේ ගැටලුකාරී තත්ත්වයක් ඇති වී තිබේ.
දෙවෙනි මාත්‍රාව ලබා දීම සඳහා එන්නත් මාත්‍රා ලක්ෂ 07ක් පමණ අවශ්‍යවන බැවින් එය සපයා ගැනීම සඳහා විවිධ රටවල් සමග සාකච්ඡා කර ගෙන යන බවත් කොරෝනා මර්දන රාජ්‍ය ඇමතිනි විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ අද (30) කීවාය.
එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ කොවක්ස් පහසුකම යටතේ එන්නත් මාත්‍රා ලක්ෂ දහයක් ලබන මැයි මස මුල ලැබීමට නියමිතව තිබුණත් එම තොග ලැබීම ද ප්‍රමාදයක් තිබෙන බව ඇමතිවරිය පවසයි.
එන්නත් ලක්ෂ 11 ලැබී තිබුණා. එය දෙකෙන් බෙදුවම උත්තරය ලක්ෂ 9 .