-4.8 C
New York

දකුණ ම දැඩි අවදානමක. ගත වූ පැය 24 දී රෝගීන් හමු වූ ප්‍රදේශ මෙන්න

Published:

දකුණු පළාතෙන් ගත වූ පැය 24ක කාලයේ දී කොරෝනා ආසාදිතයන් 131 දෙනකු වාර්තා වී තිබේ. දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානයේ ප්‍රධාන සම්බන්ධීකරණ නිලධාරී චාමර මහගමගේ පවසන්නේ ඊයේ (29) දහවල් 12.00 සිට අද (30) දහවල් ‍12.00 දක්වා මෙම ආසාදිතයන් පිරිස වාර්තා වී ඇති බවයි.

එම කාලයේ දී වැඩිම ආසාදිතයන් පිරිසක් වාර්තාවී ඇත්තේ ගාල්ල දිස්ත්‍රික්කයෙනි. එම සංඛ්‍යාව 70කි. මාතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 34ක් වාර්තාවන අතර හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් වාර්තාවන ආසාදිතයන් සංඛ්‍යාව 27කි.

දකුණු පළාතේ ආසාදිතයන් වාර්තාවීම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස මට්ටමින්

ගාල්ල දිස්ත්‍රික්කය 70

අම්බලන්ගොඩ 41

‍බෝපේ පෝද්දල 09

රත්ගම 07

හබරාදුව 05

ඉඳුරුව 04

කරන්දෙණිය 03

බලපිටිය 01

මාතර දිස්ත්‍රික්කය 34

මාතර මහ නගර සභාව 10

තිහගොඩ 06

කැකණදුර 05

දෙවිනුවර 02

හක්මන 02

කඹුරුපිටිය 02

කිරින්ද පුහුල්වැල්ල 02

මොරවක 02

අකුරැස්ස 01

මාලිම්බඩ 01

වැලිපිටිය 01

හම්බන්තොට දිස්ත්‍රික්කය 27

අම්බලන්තොට 14

තංගල්ල 07

වීරකැටිය 04

ඕකේවෙල 01

වලස්මුල්ල 01

Related articles

Recent articles

spot_img