-5.9 C
New York

චීන ආරක්ෂක ඇමතිගේ ප්‍රභූ රථයට බාධා කළ පුද්ගලයා අත්අඩංගුවට

Published:

ශ්‍රී ලංකාවට පැමිණි චීන ආරක්ෂක අමාත්‍යවරයා කටුනායක සිට කොළඹ දක්වා පැමිණෙන ප්‍රභූ රථපෙළ සඳහා මාර්ග ඉඩ වෙන්කිරීම සඳහා රථ වාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන්ට බාධා කළා යැයි කියන පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය 27 වැනි දා රාත්‍රී බොරැල්ල ආසන්නයේ දී මෙම ප්‍රභූ රථවලට ගමන් කිරීමට ඉඩ දීම සඳහා පොලිස් නිලධාරියකු මාර්ගයේ යන අනෙක් වාහන නවතාගෙන සිටියේය. පුද්ගලයකු එයට විරෝධය දක්වමින් එම සිද්ධිය ජංගම දුරකථනයකින් පටිගත කරමින් පොලිසියට විරුද්ධළු ජනතාව පොළඹවමින් රාජකාරීයට බාධා කළ බව පොලිසිය පවසයි. මේ වීඩියෝව සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කර තිබිණි.

මෙම සිද්ධියට සම්බන්ධව පොලිසියේ රාජකාරියට බාධා කළැයි චෝදනාව අනුව අත්අඩංගුවට ගත් සැකකරු බත්තරමුල්ල පැලවත්තේ පදිංචිකරුවෙකි. ඔහු අද (30) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related articles

Recent articles

spot_img