ගාල්ල දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිත මරණ 03ක් ඊයේ (29) වාර්තාවීමත් සමඟම කොරෝනා තුන්වැනි රැල්ල හේතුවෙන් ගාල්ලේ සිදුවූ මරණ සංඛ්‍යාව මේ වනවිට 08ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඊයේ ගාල්ල නගර සභා බල ප්‍රදේශයෙන් කොරෝනා මරණ 02ක් වාර්තා වී ඇති අතර අනෙක් මරණය වාර්තා වී ඇත්තේ අම්බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙනි.
ගාල්ල නගර සීමාවේ පදිංචි වයස අවුරුදු 90ක් වූ කාන්තාවක් හා වයස අවුරුදු 65ක් වූ පිරිමි පුද්ගලයකු මියගොස් තිබේ. අම්බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පදිංචි 71 හැවිරිදි පිරිමි පුද්ගලයකු මියගොස් ඇත.
අප්‍රේල් 25 වැනි දා සිට වාර්තා වූ මෙම මරණ අතරින් කිසිදු මරණයක් රජය මෙතෙක් නිල වශයෙන් නිවේදනය කර නැත.
එම මරණ මෙසේ දැක්වෙයි.
- ඉමදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පදිංචි 75 හැවිරිදි කාන්තවක් 25 වැනි දින මියගියාය
- අහංගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පදිංචිව සිටි 66 හැවිරිදි පිරිමි පුද්ගලයකු 26 වැනි දින මියගියේය.
- ගාල්ල නගර සභා කොට්ඨාසයේ පදිංචි 78 හැවිරිදි පිරිමි පුද්ගලයකු 27 වැනි දින මියගියේය.
- බද්දේගම පදිංචි 69 හැවිරිදි කාන්තාවක් 28 වැනි දින මියගියාය
- හික්කඩුව පදංචි කාන්තාවක් ද 28 වැනි දින මියගිය අතර ඇය මියයන විට 90 හැවිරිදි වියේ පසුවූවාය
- ගාල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පදිංචි 90 හැවිරිදි කාන්තාවක් 29 වැනි දින මියගියාය
- ගාල්ල සෞඛ්‍ය වෛදය නිලධාරී කොට්ඨාසයේ පදිංචි 65 හැවිරිදි පිරිමි පුද්ගලයකු 29 වැනි දින මියගියේය.
- අම්බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පදිංචි 71 හැවිරිදි පිරිමි පුද්ගලයකු 29 වැනි දින මියගියේය.