-2.1 C
New York

අම්බලන්ගොඩ කොරෝනා දැඩි අවදානමක්

Published:

අම්බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ කොරෝනා අවදානම ඉහළ ගොස් තිබේ. ඊයේ (29) දිනයේ දී පමණක් කොරෝනා ආසාදිතයන් 28 දෙනකු පිළිබඳ තහවුරු කරන වාර්තා ලැබී තිබිණි. මේ අතරින්  හැවිරිදි එක් පුද්ගලයකු මියගියේය.

සෞඛ්‍ය අංශ පවසන්නේ එම පුද්ගලයා අවුරුදු කාලයේ ත්‍රිකුණාමලය හා බුත්තල ප්‍රදේශයේ තම ඥාතීන් බැලීමට දුම්රිය සහ පොදු ප්‍රවාහන සේවා බස්රථවලින් ගොස් ඇති බවයි.

ඊයේ ආසාදිතයන් අතර අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාවේ හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවක සේවිකාවන් කිහිප දෙනකුද සිටින බව සෞඛ්‍ය අංශ පවසයි.

අත්‍යාවශ්‍යම කරුණකට හැර අම්බලන්ගොඩ නගරයට නොපැමිණෙන ලෙසත් සියලුම ආකාරයේ උත්සව පැවැත්වීමෙන් වළකින ලෙසත් හැකි සෑම අවස්ථාවක දීම නිවසේ රැඳී සිටින ලෙසත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය අම්බලන්ගොඩ ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Related articles

Recent articles

spot_img