තවත් කොවිඩ් මරණ 6ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 667ක් දක්වා ඉහළ ගොස් තිබේ.
කොරෝනා ආසාදිතව මියගිය බවට තීරණය වූ මරණ පහත දක්වා ඇත.
- බොරලැස්ගමුව පදිංචි 49 හැවිරිදි කාන්තාවක් 25 වැනි දින කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රොහ්ලේ දී මියගොස් ඇත. මරණයට හේතුව කොරෝනා නිව්මෝනියාවයි.
- මහනුවර පදිංචි 85 හැවිරිදි කාන්තාවක් මහනුවර මහ රෝහලේ සිට තෙල්දෙණිය මූලික රෝහලට මාරු කර යවන අවස්ථාවේ දී 27 වැනි දින මියගියාය. මරණයට හේතුව කොවිඩ් නිව්මෝනියාවයි
- වත්තල පදිංචි 37 හැවිරිදි කාන්තාවක් හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී 28 වැනි දින මියගියාය මරණයට හේතුව වකුගඩු රෝගය සමඟ ඇතිවූ කොවිඩ් නිව්මෝනියා තත්ත්වයයි.
- වැලිමඩ පදිංචි 72 හැවිරිදි කාන්තාවක් වැලිමඩ මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර කොරෝනා ආසාදිත බව හඳුනාගැනීමෙන් පසු හෝමාගම මූලික රෝහලට මාරු කර යවා ඇති අතර එම රෝහලේ දී 2021 අප්‍රේල් මස 28 වැනි දින මියගොස් ඇත. මරණයට හේතුව කොරෝනා නිව්මෝනියාවයි
- කළුතර උතුර පදිංචි 77 හැවිරිදි පිරිමි පුද්ගලයකු 27 වැනි දින කළුතර මහ රෝහලට ගෙනයන අතරතුර මියගොස් ඇත. මරණයට හේතුව කොරෝනා ආසාදනය හා ආඝාතයයි
- නාවලපිටිය පදිංචි 61 හැවිරිදි කාන්තාවක් දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර කොරෝනා ආසාදිතයකු බවට හඳුනාගැනීමෙන් අනතුරුව මිනුවන්ගොඩ මූලික රෝහලට මාරුකර යවා ඇති අතර 2021 අප්‍රේල් 28 වැනි දින මියගියාය. මරණයට හේතුව කොරෝනා නිව්මෝනියා තත්ත්වයයි.