-4.8 C
New York

අම්බලන්ගොඩ ආසාදිතයෙක් රෝහල්ගත කිරීමටත් පෙර මියයයි

Published:

කොරෝනා ආසාදිත බව ඊයේ (29) සවස තහවුරු කරගත් අම්බලන්ගොඩ නින්දානේ පදිංචි පිරිමි පුද්ගලයකු රෝහල්ගත කිරීමට පෙර නිවසේ දී ම මියගොස් ඇතැයි අම්බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල ආරංචිමාර්ග සඳහන් කරයි.

මෙම පුද්ගලයාගේ පීසීආර් පරීක්ෂණ ප්‍රතිඵල ලැබෙනවිට ඔහු හුස්ම ගැනීමේ අපහසුතාවයෙන් සිටි බැවින් ‍නින්දානේ සිට රෝහල්ගත කිරීම සඳහා ගිලන්රථයක් යෙදවීමට වෛද්‍යවරුන් උත්සාහකර ඇති අතර නිවැසියන් ද 1990 ගිලන් රථ වෙත ඒ බව දැනුම් දී තිබිණි. නමුත් ගිලන්රථවල ඇති කාර්ය බහුලත්වය හේතුවෙන් ම එය ප්‍රමාද වී ඇති අතර විනාඩි 45ක් ඇතුළත රෝගියා මියගිය ‍බව වෛද්‍යවරු පවසයි.

නිවසේ දී ම මියගිය මෙම පුද්ගලයාගේ දේහය සම්බන්ධයෙන් හදිසි මරණ පරීක්ෂණය පවත්වා දේහය පෙට්ටියක බහා නිරෝධායනය වීමට අවශ්‍ය නැති එක් ඥාතියකු‍ගේ සහභාගීත්වයෙන් ආදාහනාගාරයට ගෙන යන ලදී. එහි දී ආගමික වතාවත් සිදුකිරීමෙන් අනතුරුව අද (30) අළුයම 1.00ට පමණ ආදාහනය සිදුකෙරිණි.

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසන්නේ මියගිය පුද්ගලයා අවුරුදු කාලයේ දී පොදු ප්‍රවාහන සේවා භාවිතා කරමින් ත්‍රිකුණාමලය හා බුත්තල ප්‍රදේශයට ගොස් ඇති බවයි.

Related articles

Recent articles

spot_img