-5.2 C
New York

සෞඛ්‍ය නිලධාරීන් නොපැමිණීම හේතුවෙන් ඇන්ටිජන් පරීක්ෂණ නෑ

Published:

බස්නාහිර පළාතෙන් පිටවන පිරිස් සහ බස්නාහිර පළාතට ඇතුළුවන පුද්ගලයන් තැන් 12 ක දී අහඹු ලෙස ඇන්ටිජන් පරීක්ෂණවලට අද (29) දහවල් සිට යොමුකරන බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කීව ද එම කටයුතු සිදුනොවූ බව මාධ්‍යවේදීන් පවසයි.

මීගමුව කොච්චිකඩේ තෝප්පුව පාලම අසල  නිට්ටඹුව හැලගල හන්දිය සහ හංවැල්ල වනහගොඩ පාලම අසල එවැනි අහඹු පරීක්ෂණ සිදු කිරීමට අද පෙරවරුවේ සිටම ආරක්ෂක අංශ සූදානමින් සිටියද සෞඛ්‍ය අංශ නිලධාරීන් එම ස්ථානවලට පැමිණ තිබුණේ නැත.

මේ සම්බන්ධයෙන් විමසූ විට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසා ඇත්තේ එවැනි උපදෙසක් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලබා නොදුන් බවයි. එලෙස පරීක්ෂාකරන අවස්ථාවක දී ආසාදිතයකු වාර්තාවුවහොත් ගත යුතු ක්‍රියාමාර්ග ගැන ද උපදෙස් ලැබී නැත.

මේ අතර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය මාධ්‍ය හමුවේ කියා සිටියේ පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව වැඩි කිරීම කළ යුතු වුව ද අද (29) සෞඛ්‍ය අමාත්‍යාංශය අහඹු පීසීආර් පරීක්ෂණ නවතා දමන ලෙස සියලු දිස්ත්‍රික්ක වෙත දැනුම් දී ඇති බවයි.

Related articles

Recent articles

spot_img