spot_img
spot_imgspot_img

කොරෝනා නිසා දුම්රිය කිහිපයක් අවලංගු කරයි

පුවත්

විදෙස්

දුර ගමන් සේවා දුම්රිය සහ නගරාන්තර දුම්රිය සේවාවන්හි ආසන වෙන්කිරීම ඉතා අවම මට්ටකට පත්ව ඇති බැවින් දුම්රිය කිහිපයක් අවලංගු කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව මැයි 01 දා සිටි ‍පහත සඳහන් දුම්රිය ධාවනය වන්නේ නැත.


1001 – කොළඹ කොටුව හා බදුල්ල දුම්රිය

1009/1010 – කොළඹ කොටුව, මහනුවර , කොළඹ කොටුව දුම්රිය

4003 – කොළඹ කොටුව කන්කසන්තුරය දුම්රිය

4021/4022 – කොළඹ කොටුව, කන්කසන්තුරය, කොළඹ කොටුව

6075 – කොළඹ කොටුව පොළොන්නරුව දුම්රිය

4017 – කොළඹ කොටුව කන්කසන්තුරය දුම්රිය

8054 – කොළඹ කොටුව බෙලිඅත්ත දුම්රිය

මැයි මස 02 වැනි දින සිට අවලංගුවන දුම්රිය

1002 – බදුල්ල කොළඹ කොටුව දුම්රිය

1015 – කොළඹ කොටුව බදුල්ල දුම්රිය

6076  ‍- පොළොන්නරුව කොළඹ කොටුව

4018 – කන්කසන්තුරය කොළඹ කොටුව

8055 – බෙලිඅත්ත කොළඹ කොටුව

1016 – බදුල්ල කොළඹ කොටුව

‍උදෑසන 8.30ට කොළඹ කෙටුව සිට බදුල්ල දක්වා ධාවනය වන අංක 1015 දරන සීඝ්‍රගාමී දුම්රිය මැයි මස 08 හා 14 දිනයන් හි සහ බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන අංක 1016 දුම්රිය මැයි මස 09 හා 15 දිනයන්හි දී ධාවන වෙයි.

අංක 1001/1002 දුම්රියන් සඳහා ප්‍රවේශපත්‍ර වෙන්කරගත් මගීන් සඳහා අංක 1005 හා 1006 දුම්රියන්හි ගමන් පහසුකම් සළසා ඇති බවත් ඒ සඳහා කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වන අංක 1005 දුම්රිය මැයි මස 01,02,08,13,14 හා 15 දිනයන් හි ‍උදෑසන 6.30ට ගමන් ආරම්භ කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!