-4.8 C
New York

කිංස්ලි රත්නායක රටේ ඉහළම තැනට හඬක් වෙයි

Published:

අදින් දශක කිහිපයකට පෙර පසෙකට විසිකර දමා තිබූ ගුවන්විදුලිය නව මානයකට ගෙන ඒමේ පුරෝගාමී මෙහෙවරක යෙදුණු ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කිංස්ලි රත්නායක ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක ලෙස පත්කරනු ලබන බව විශ්වාසකටයුතු ආරංචිමාර්ග සඳහන් කරයි.

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධූරයට පසුගිය දා පත්වූ සුදේව හෙට්ටිආරච්චි අධ්‍යාපනය ලැබූ ආනන්ද විද්‍යාලයේම ආදි සිසුවකු වන කිංස්ලි සහ සුදේව දෙදෙනා එකම මුතුහර ළමා සමාජයකින් මාධ්‍ය ක්ෂේත්‍රයට පිවිස තිබීම විශේෂත්වයකි. පාසල් සිසුවකුව සිටිය දී ම මුතුහර ළමා රූපවාහිනී ළමා සමාජ වැඩසටහන් ඉදිරිපත් කරන්නකු ලෙස රූපවාහිනි සංස්ථාව සමඟ සම්බන්ධ වූ කිංස්ලි රත්නායක සිරස FM ආරම්භක නිවේදකයකු ලෙස මෙරට ජන හදවත් දිනාගත් මාධ්‍යවේදියෙකි.

දශක තුනකට වැඩි කාලයක් මහාරාජා ආයතනයේ විවිධ තනතුරු දැරූ කිංස්ලි ඊයේ (28) එම ආයතනයෙන් ඉවත්වී ඇතැයි ද පැවසේ. ඔහු නුදුරු දිනක ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක තනතුරෙහි රාජකාරී ආරම්භ කිරීමට නියමිත බව ද දැනගන්නට ඇත.

Related articles

Recent articles

spot_img