-1 C
New York

ඉදිරි මාස 03ක් දැඩි අවදානමක්

Published:

යළි වර්ධනය වෙමින් තිබෙන කොරෝනා වසංගත තත්ත්වය තවත් මාස 03ක පමණ කාලයක් ඉදිරියට පවතිනු ඇතැයි සෞඛ්‍ය පුරෝකතනය කරයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා පවසන්නේ ශ්‍රී ලංකාව කොරෝනා තුන්වැනි රරැල්ලේ උච්ඡතම අවස්ථාවට මෙතෙක් පැමිණ නැති බවයි.

එමෙන්ම මෙවර පැතිරයන කොරෝනා ප්‍රභේදය හේතුවෙන් ආසාදිතයන්ට ශ්වසන ආධාරක අවශ්‍යවීමේ වැඩි සම්භාවිතාවක් තිබෙන බවත් එබැවින් ඔක්සිජන් සංචිත රැස්කරගන්නා ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාගෙන් ඉල්ලීමක් කරන බවත් ඔහු පවසයි.

සෞඛ්‍ය අංශ පෙන්වාදෙන්නේ අවුරුදු කාලයේ සාප්පු සවාරි යාම, සැණකෙළි හා උත්සව, විනෝද චාරිකා සහ සූදු පිටි පැවැත්වීම මෙලෙස කොරෝනා අධි වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය වීමට හේතුවක් වූ බවයි.

Related articles

Recent articles

spot_img