-2.1 C
New York

දින කිහිපයකට සූදානම්වන්න යැයි හමුදාපති කියයි

Published:

අත්‍යාවශ්‍ය භාණ්ඩ දින කිහිපයකට සරිලන පරිදි රැස්කර තබාගෙන පෙර සූදානමක සිටීම වැදගත්වනු ඇතැයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

ඔහු පවසන්නේ දැනට රටේ පවතින තත්ත්වය අනුව කවර මොහොතක කවර ප්‍රදේශයක් හුදකලා කිරීමට සිදුවේදැයි කීමට නොහැකි බවයි. හඳුනාගන්නා රෝගීන් සහ ආශ්‍රිතයන් ප්‍රමාණය අනුව එය තීරණය කරන බව ද හමුදාපතිවරයා කීවේය.

“මේ තත්ත්වය අනුව අපි ඕනෑම දේකට සූදානම්ව සිටිය යුතු වෙනනවා. ඒ නිසා තමන්ට හැකි පමණින් දින කිහිපයකට සරිලන දෑ රැස්කරගෙන සූදානමින් සිටීම හොඳයි. අපිට රටේ ජනතාවව බොරුවට බියට පත්කරන්න හෝ තත්ත්වය සඟවන්නවත් අවශ්‍ය නැහැ. මොන අභියෝග ආවත් මොන රැළි ආවත් අපි පරදින ජාතියක් නෙවෙයි. අනිවාර්යයෙන් ම ජාතියක් විදියට නැගිටිනවා. අපි ජනතාවගෙන් ඉතා කාරුණිකව ඉල්ලනවා මේ රටේ නිල ආයතනවලින් නිකුත් කරනු ලබන තොරතුරුවලට පමණක් අවධානය යොමුකරන්න කියලා. මේ වෙනකොට විවිධ කණ්ඩායම් තම තමන්ගේ පුද්ගලික න්‍යායපත්‍ර ජයග්‍රහණය කරවීමට අසත්‍ය තොරතුරු පතුරුවනවා.”

Related articles

Recent articles

spot_img