-5.9 C
New York

ගාල්ලේ ගුරු උද්ඝෝෂණය කල් දමයි

Published:

ගරුවරුන්ගේ හා විදුහල්පතිවරුන්ගේ වෘත්තීය සමිති එක්ව ගොඩනගා ගත් ගුරු විදුහල්පති එකමුතුව විසින් හෙට (29) ගාල්ල නගරයේ දී සංවිධානය කර තිබූ උද්ඝෝෂණය හා පාගමන පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ දින නියමයක් නොමැතිව කල් තැබූ බව සංවිධායකයෝ කියති.

මේ පිළිබඳ අදහස් දැක්වූ ලංකා ගුරු සංගමයේ ගාල්ල දිසා ලේකම් කැළුම් ද සිල්වා ‍පවසා සිටියේ වැටුප් විෂමතා ඉවත් කරන ලෙසත් ගුරුවරුන්ට හිමි වැටුප ලබාදෙන ලෙසත් බල කරමින් මෙය සංවිධානය කර තිබිණි. ඔහු පවසන්නේ වත්මන් රජය බලයට පත්වෙද්දී මැතිවරණයට වැටුප් විෂමතා විසඳන බවට මැතිවරණ පොරොන්දුවක් ද ලබාදුන් බවයි.  මේ වනවිට රට පුරාම කොරෝනා වසංගතය යළි හිස ඔසවමින් තිබෙන බැවින් එම පාගමන හා උද්ඝෝෂණය නවතා දැමූ බවත් යළි රට සාමාන්‍ය තත්ත්වයට පත්වූ විට ඒ පිළිබඳ තීරණය කරන බවත් හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

Related articles

Recent articles

spot_img