spot_img
spot_imgspot_img

ගාල්ලේ වෛද්‍යවරුන්ට එරෙහිව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට පැමිණිල්ලක්

පුවත්

විදෙස්

ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ දී මහජන නියෝජතයන් හා සියළුම රාජ්‍ය ආයතන ප්‍රධානීන් ඉදිරියේ දී එකඟවූ පරිදි කටයුතු නොකර ගාල්ල මහ නගර සභාවේ සෞඛ්‍ය වෛද්‍යවරු දෙදෙනා තවදුරටත් සේවය පැහැරහරිමින් සිටින බවට ගාල්ල මහ නගර සභාව විසින් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරළ වෙත පැමිණිලි කර තිබේ.

පසුගිය අප්‍රේල් මස 09 වැනි දා පැවැති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දී ගාල්ල මහ නගර සභාවේ සෞඛ්‍ය අංශයට අනුයුක්තව සේවය කරන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බර්ට්‍රම් ද සිල්වා සහ අතිරේක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී චන්දන සේනානායක යන දෙදෙනා නගර සභා පරිශ්‍රයෙන් ඉවත්ව සිටීමනේ සෞඛ්‍ය සේවාවන් නිසි පරිදි ඉටු නොවන බව සාකච්ඡා කෙරිණි. ඒ වනවිට ගාල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය නමින් කරාපිටිය ශික්ෂණ රෝහලේ නිල නිවසක් පවත්වාගෙන යන බව වෛද්‍යවරු විසින් දන්වා සිටින ලදී. නියෝජ්‍ය නගරාධිපතිවරයාගෙන් එල්ලවූ තර්ජනයක් හේතුවෙන් එම ස්ථානයට ගිය බවත් නගර සභා පරිශ්‍රය තමන්ට අනාරක්ෂිත බැවින් මේ තීරණය ගත් බවත් වෛද්‍යවරු කීහ.

සායනික කටයුතු නිසි පරිදි පවත්වාගෙන යමා සඳහා වෛද්‍යවරුන්ට සහය ලබාදීමට මහජජන සෞඛ්‍ය පරීක්ෂකවරු ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලය එම ස්ථානයට අවශ්‍ය අවස්ථාවල දී යාමටත් අනෙකුත් සායනික කටයුතු සඳහා ද වෛද්‍යවරු සහභාගීවීමටත් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ දී එකඟතාවට පැමිණියහ.

ඒ අනුව ඊට පසුදින මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලය වෛද්‍යවරු විසින් ස්ථාපිත කර ඇති ස්ථානයට ගිය ද වෛද්‍යවරු දෙපළ පෙර දින දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ දී එළැඹි තීරණ අනුව කටයුතු කර නැත. ඔවුන් පවසා ඇත්තේ සියලු සෞඛ්‍ය කාර්ය මණ්ඩලය එම ස්ථානයට රාජකාරී වාර්තාකරන බවට ලිඛිතව දැනුම් දිය යුතු බවයි. සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ඊට එකඟ නොවූ අවස්ථාවේ දී වෛද්‍යවරු දෙපළ පවසා ඇත්තේ තමන් කටයුතු කරන්නෙ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නමැති තම වෘත්තීය සමිතියේ තීරණය අනුව බැවින් එම සංගමය පෙර දින දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවෙ දී වූ එකඟතාවලට විරුද්ධ බවයි.

මේ පිළිබඳ එහි ගිය සෞඛ්‍ය කාර්ය මණ්ඩලය විසින් ගාල්ල නාගරික කොමසාරිස්වරයා‍වෙත දැනුම් දීමෙන් පසු ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ තීරණයට පටහැනිව වෛද්‍යවරු කටයුතු කරන බවට නාගරික කොමසාරිස්වරයා විසින් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරයා වෙත කරුණු වාර්තා කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!