-2.1 C
New York

දැඩි අවදානමක්. ශ්‍රී ලංකාවේ පැතිරෙන්නේ ඉන්දියාවේ ඇති බ්‍රිතාන්‍ය වයිරස ප්‍රභේදයමයි

Published:

ශ්‍රී ලංකාවේ වේගයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන කොරෝනා ප්‍රභේදය මේ දිනවල ඉන්දියාවේ ද වේගයෙන් පැතිරයන බ්‍රිතාන්‍යයෙන් පළමුවරට හමුවූ  B.1.1.7 නමැති ප්‍රභේදය බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාතිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ සෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර පවසයි.

කොළඹ නගර සභා බල ප්‍රදේශයේ ස්ථාන කිහිපයකින්, කුරුණෑගලින්, බොරලැස්ගමුවෙන් හමුවූ කෙ‍රෝනා ආසාදිතයන් කිහිප දෙනකුගේ ජෛව සාම්පල 43ක් පරීක්ෂා කිරීමෙන් මේ බව සනාථ වී තිබේ.

ආචාර්ය ජීවන්දර පවසන්නේ එම සාම්පලවල ජෛව අනුක්‍රමික පරීක්ෂණයෙන් ශ්‍රී ලංකාවේ දැනට වේගයෙන් ව්‍යාප්තවන කොරෝනා ප්‍රභේදය බ්‍රිතාන්‍යයෙන් හමු වූ B.1.1.7 ප්‍රභේදය යැයි සනාථ කරගත හැකි වූ බවයි.

එම ‍වයිරසයේ බලපෑම වැඩියෙන් ම එල්ලවෙන්නනේ තරුණ පිරිස්වලට බව ද පර්යේෂකයෝ කියති. ඉන්දියාවේ කොරෝනා වසංගතයෙන් දැඩි බලපෑම් එල්ලවී තිබෙන්නේ බ්‍රිතාන්‍යයෙන් පළමුවරට හමුවූ B.1.1.7 වයිරස ප්‍රභේදයෙනි. දැනට පන්ජාබයේ හඳුනාගත් ආසාදිතයන්ගෙන් 81% හා දිල්ලියේ හඳුනාගත් ආසාදිතයන්ගෙන් 50% ප්‍රමාණයකට ආසාදනය වී ඇත්තේ මෙම B.1.1.7 ප්‍රභේදය බව තහවුරු වී තිබේ.

Related articles

Recent articles

spot_img