කොරෝනා ආසාදනය වී මියගිය පුද්ගලයන් 08 දෙනකු පිළිබඳ ඊයේ (27) රාත්‍රී රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව තොරතුරු නිකුත් කර තිබේ. එම මරණ 08 අතරි 06 දෙනකු ම මියගොස් ඇත්තේ කොරෝනා නිව්මෝනියා තත්ත්වය හේතුවෙනි.
දෙදෙනකුගේ මරණවලට පමණක් වෙනත් සංකූලතා හේතුවී තිබේ.
වාර්තා වූ මරණ පිළිබඳ විස්තර පහත දැක්වෙයි.
- මහනුවර පොල්ගොල්ල පදිංචි වයස අවුරුදු 62ක පිරිමි පුද්ගලයෙක් 23 වැනි දින මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගියේය. ඔහුගේ මරණයට හේතුව කොරෝනා නිව්මෝනියා තත්ත්වයයි.
- හෙට්ටිපොළ පදිංචි 45 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් කොරෝනා ආසාදිත බව හඳුනාගැනීමෙන් පසු කුරුණාගල රෝහලේ සිට මහනුවර ජාතික රෝහලට ගෙන ගොස් ප්‍රතිකාර කරමින් සිටිය දී 25 වැනි දින මියගියේය. ඔහුගේ මරණයට හේතුව වී ඇත්තේ කොරෝනා නිව්මෝනියා තත්ත්වයයි.
- වයස අවුරුදු 53ක් වූ මතුගම පදිංචි පුද්ගලයෙක් කළුතර මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී 25 වැනි දින මියගොස් ඇත. මරණයට හේතුව කොරෝනා නියුමෝනියා තත්ත්වය සමඟ රුධිරය විෂවීම හා වෙනත් ආබාධ ලෙස දක්වා ඇත.
- නුගේගොඩ පදිංචි 56 හැවිරිදි පිරිමි පුද්ගලයකු කොළඹ අයිඩීඑච් රෝහලේ දී 26 වැනි දින මියගියේය. ශ්වසන දුර්වතා, කොරෝනා නිව්මෝනියා, රුධිර විෂවීම, දියවැඩියාව හා ඇදුම යන රෝග තත්ත්වයන් මරණයට බලපා ඇත.
- 76 හැවිරිදි වියේ පසුවන පන්නිපිටියේ පුද්ගලයෙක් කොරෝනා ආසාදිත බව හඳුනාගෙන ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර සිටිය දී 26 වැනි දින මියිගියේය. මරණයට හේතු වී ඇත්තේ කොරෝනා නිව්මෝනියා තත්ත්වයයි.
- අඹගහපැලැස්සේ පදිංචි 48 හැවිැරිදි පිරිමි පුද්ගලයකු කොරෝනා ආසාදිත බව තහවුරු වීමෙන් පසු තෙල්දෙණිය රෝහලේ සිට මහනුවර ජාතික රෝහලට මාරුකර සිටිය දී 22 වැනි දින මියගොස් ඇත. මරණයට හේතුව කොරෝනා නිව්මෝනියා තත්ත්වයයි.
- වත්තල පදිංචිව සිටි 73 හැවිරිදි කාන්තාවක් කොරෝනා ආසාදිත බව තහවුරු වීමෙන් පසු ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ සිට පිඹුර රෝහලට මාරුකර යැවීමෙන් පසු 27 දින මියගියාය. ඇගේ මරණයට හේතු වී ඇත්තේ කොරෝනා නිව්මෝනියා තත්ත්වයයි.
- ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පදිංචි 57 හැවිරිදි පුද්ගලයෙක් පසුගිය 27 වැනි දින කොළඹ පුද්ගලික රෝහලක දී කොරෝනා නිව්මෝනියා තත්ත්වය හා ලේ විෂවීම හේතුවෙවන් මියගොස් ඇත.