-4.8 C
New York

නිරෝධායන නීති නොතකන පිරිසක් ගැන වෛද්‍යවරයකුගේ සටහනක්

Published:

සංචරණ සීමා පනවන්න යැයි සෞඛ්‍ය අංශ රජයෙන් කොතරම් ඉල්ලා සිටිය ද එලෙස සීමා පැනවූයේ නැත. රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ද කියා සිටියේ සංචරණ සීමා පනවන ලෙස කරන ලද ඉල්ලීමට අනුමැති නොලැබුණු බවයි.

ඒ නිසා හැම තැනම සංචරණයේ යෙදෙන්නෝ සිටියහ. බොහෝ දෙනකු අවුරුදු නෑ ගමන් ගියහ. තවත් පිරිසක් විනෝද චාරිකා ගිය අතර වන්දනාවේ ගිය පිරිස් ද අති බහුතරයකි. අනුරාධපුරය, මහනුවර දළදා මාළිගාව, කතරගම දේවාලය මෙන්ම සිරීපාදය ද මිනිසුන් දස දහස් ගණනකගෙන් පිරී ඉතිරී ගොස් තිබිණි.

ඉන්දියාවේ කොරෝනා වේගයෙන් පැතිරෙමින් තිබෙන බවත් මහ මඟ මිනිසුන් මැරී වැටී ඉන්දියාව එකම අවුල් ජාලාවක් බවට පත්ව තිබෙන බවත් දැන දැන ම ශ්‍රී ලාංකිකයෝ මෙලෙස සංචරණයේ යෙදුණහ. මෙහි ඇති එක් ඡායාරූපයකින් පෙනෙන්නේ. අදින් දින දෙකකට පෙර යාපනයේ කෝවිලක තත්ත්වයයි. සිරීපාදය ද ඊට නොදෙවෙනිය. සිරිපා නගිද්දී සෙනඟ වැඩිවීම හේතුවෙන් එක් පඩියක අඩ පැයක් පමණ ගත කරන්නට වූ බව ඇතැමුන් සමාජ මාධ්‍යවල පළකර තිබුණේ උජාරුවෙනි.

රජය සංචරණ සීමා පනවන්න යැයි කියද්දී නුවඑළිය ග්‍රෙගරි වැව අසළ නුවරඑළිය මහ නගර සභාවේ නගරාධිපතිගේ සංවිධානයෙන් අවුරුදු උත්සවයක් ද පැවැත්විණි.

දැන් සියල්ල සිදුවී අවසන්ය. මහත් භක්තියෙන් සිරිපා කරුණා කළ පිරිසක් ගැන මේ පහත දැක්වෙන අපූරු සටහන අපට හමුවූයේ අම්බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී නලින් විජේසේකරගේ facebook පිටුවෙනි. ඔහු කියන්නේ වත්මන් කෙරෝනා වසංගත තත්ත්වය හමුවේ පත්ව ඇති තත්ත්වයේ සැබෑ හැඩරුවයි.

මේ වෙලාව කිසිසේත් කට්ටිය එකතු කරන් චාරිකා යාමට සුදුසු කාලයක් නොවේ… ගෙවල් 15කින් පමණ පිරිස එකතු කරන් සිරීපාදෙ ගිහින් ආවම ගියපු අය positive උනාම…

එම පවුල් සිටින ගමට එන අවධානම කොතෙක්ද…?

ඔබේ සතුට වෙනුවෙන් අපි pcr කරන්න කැපවී සිටින්නෙමු… ( ඕනෙ නම් තව තවත් trip යන්න)

අපිට හැකිදවස තෙක් මේ සේවාව ඉටු කරන්නෙමු.

අපේ කාර්යමණ්ඩලය අවදානමේ බව ඔබේ හැසිරීම අද පසක් කලේය…

වෙනදා ජනතාවගෙන් ලැබෙන සහයෝගයේ අඩුවක් අද දක්නට ලැබුණි…

නීරෝධායනය කල පිරිස් නිදහසේ ඇවිදින තත්වයක්…

තැන් තැන් වල කෙල ගසන තත්වයක්…

අපේ pcr කරන්නත් එපාලු…

හරි උබල ඔහොමම කරගෙන යන්න ….

මෙතරම් වගකීම් නැති අය මනු ලොවට කොහොම පහල උනාද…? ( හැමෝම,නොවෙයි)

.වෛද්‍යවරයා මේ පවසන්නේ ගාල්ලේ අම්බලන්ගොඩ පිරිසක් පිළිබඳවය. මේ යථාර්ථයයි.

Related articles

Recent articles

spot_img