මගේ බැචෙක්ගෙ අයිය
කොරෝන ගොදුරක් වෙලා
අද හවස මෙලොවින් සමුගත්ත…..
වයස 54
පෙරේද කැස්ස හෙම්බිරිස්සාව…
ඊයෙ හුස්ම ගැනීමෙ අපහසුව…
ඔහු නැවතුනේ මල්ලිගෙම කායික රෝග වාට්ටුවෙ….
වාට්ටුවෙ විශේෂඥ වෛද්‍යවරය අපේ තවත් බැචෙක්
ඊයෙ ඉඳල අද වෙනකං
බේරගන්න නොකරපු දෙයක් නෑ
වැඩිදුර ප්රථිකාරයට යවන්න
ලංකාවෙ එක කොරෝන ICU ඇඳක්වත් නෑ ….
අද හවස හුස්ම ගැනීම නැවතුනා ….
මල්ලිගෙ වාට්ටුවෙම ඔහු මියගියා….
බරපතලකම තේරුම් ගන්න….
ඔබ පරිස්සම් නොවුනොත්
සමාජයම අනතුරේ…. !
-Manjula Senarachchi –
වෛදයවරයකුගේ සොහොයුරකුගේ මේ මරණය සම්බන්ධයෙන් තබා තිබූ සටහන ඔස්සේ ගිය විට දැකගත හැකිවූයේ ඔහු මාවනැල්ල මූලික රෝහලේ දී මියගොස් අති බවයි. මේ සටහන සත්‍යයකි. ශ්‍රී ලංකාවේ කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථාන සියල්ලේම සොයා බැලුව ද මේ ආසාදිත සොහොයුරාට ප්‍රතිකාර කිරීම සඳහා ICU ඇඳක් සොයාගැනීමට හැකියාවක් ලැබී නැත
මෙලෙස මියගොස් ඇත්තේ මාවනැල්ල මූලිික රෝහලේ කොරෝනා ආසාදිත පුද්ගලයන් සඳහා ප්‍රතිකාර සඳහා වෙන්කර ඇති වාට්ටුව භාර වෛද්‍යවරයාගේ සොහොයුරාය. හදිසියේ අසනීප වී රෝහලට ගෙන ආ එම සොහොයුරා කොරෝනා ආසාදිත බව තහවුරු කරගෙන ඇත්තේ පසුගිය 24 වැනි දා ය. 25 වැනි දා වනවිට ඔහුට ශ්වසන අපහසුතා ඇතිවීම හේතුවෙන් දැඩි සත්කාර ඒකක ඇඳක් අවහ්‍ය වී තිබිණි. නමුත් ශ්‍රී ලංකාවේ කිසිම කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයක එම පහසුකම ලබාගැනීමට හැකියාවක් තිබුණේ නැත. සියලුම ICU ඇඳන් ඒ වනවිටත් පිරී ගොස් තිබිණි.
අවසානයේ කොරෝනා රෝගීන් ප්‍රතිකාර වාට්ටුව භාර වෛද්‍යවරයාගේ සොහොයුරා ඔහු ඉදිරිපිට දී ම කොරෝනා ආසාදනයෙන් මියගියේය. තීරණය වූයේ කොරෝනා ආසාදනය සමඟ හදිසියේ ඇති වූ හෘදයාබාධයකින් ඔහු මියගිය බවයි.
මේ කරුණු කෑගල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ තහවුරු කළේය.
මෙයින් ඉගෙන ගත යුතු පාඩම් බොහොමයක් තිබේ. ඇතැමුන් පවසන්නේ දැන් කොරෝනා සාමාන්‍ය දෙයක් වී ඇති බවයි. සාමාන්‍ය නිව්මෝනියාව වැනි වෙනත් බෝවන රෝග තත්ත්වයට කොරෝනා පත්ව ඇතැයි සිතන ඔවුන්ට තම අසල්වැසියකු කොරෝනා ආසාදිතයකු වුව ද වගේ වගක් නැත.
නමුත් තත්ත්වයේ භයානකත්වය පිළිබඳ අවබෝධ කරගැනීමට මෙය හොඳ උදාහරණයකි.




