නිවේදකකු, වැඩසහටන් නිෂ්පාදකයකු සහ ප්‍රධාන විධායක නිලධාරීවරයකු ලෙස කටයතු කළ සුදේව හෙට්ටිආරච්චි ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල්ධූරයට පත්කර තිබේ.
එම තනතුරට අදාල පත්වීමේ ලිපිය ඔහු අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙතින් භාරගත්තේය.
කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි සිසුවකු වන සුදේව හෙට්ටිආරච්චි මෙම තනතුරට පත්වීමට පෙර මාධ්‍ය ආයතන කිහිපයක ම සහකාර කළමනාකරුවකු, කළමනාකරුවකු සහ සාමාන්‍යාධිකාරීවරයකු ලෙස කටයුතු කළේය. ඔහු දීර්ඝ කාලයක් සේවය කළ හිරු මාධ්‍ය ජාලයෙන් ඉවත්ව ස්වර්ණවාහිනී ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස කටයුතු කරමින් සිටියේය.
ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කරන ලද මොහාන් සමරනායක රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පත්කිරීමෙන් පසු ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල්ධූරයට සුදේව හෙට්ටිආරච්චි පත්කර තිබේ.