-5.2 C
New York

විනෝදය හා සතුට වෙනුවෙන් වන සතුන් බිළිදෙන පරිසර ලෝලියෝ

Published:

තමන්ගේ විනෝදය හා සතුට වෙනුවෙන් වනේ වන සතුන්ට නිදහසේ සිටීමට ඉඩ නොදෙන පිිරිසක් දැක්වෙන මේ අපූරු ඡායාරූපය facebook ඔස්සේ සංසරණය වෙයි. මෙම ඡායාරූපය සිය කැමරාවේ සටහන් කරගත් ඡායාරූප ශිල්පියා අපි දන්නේ නැත. නමුත් ඔහු ද දැන හෝ නොදැන කරන්නේ වරදකි.

මේ ඡායාරූපය යාල ජාතික වනෝද්‍යානයේ බව දැක්වේ. යාල ජාතික වනෝද්‍යානයට ඇතුළුවන කිසිම කෙනෙකුට වනෝද්‍යානයේ සිටින සතුන්ගේ සාමාන්‍ය දිවි පැවැත්මට හානිකර කිසිවක් කිරීමට අවසරයක් නැත. ඒ නිසාම වනජීවී දෙපාර්තමේන්තුවේ සංචාරක මග පෙන්වන්‍නකු ද මේ ජීප් රථවලට ගොඩවෙයි.

ඔවුන්ට වගකීමක් තිබේ. තමන්ගේ සේවය ලබාගන්නා සංචාරකයන්ගෙන් ලැබෙන මුදලකට වහල් නොවී ඔවුන් නීතිය ක්‍රියාත්මක කළ යුතු වුව ද සිදුවන්නේ එවැන්නක් නොවේ. යාල සංචාරක ජීප් රථ රියදුරෝ වන සතුන් කොටුකර සංචාරකයන් පිනවන්නේ මේ ආකාරයෙනි.

මෙය නීති විරෝධීය. මේ වලසකු කොටුකර වනයට වැදී ආතල් ගැනීමට එන ඊනියා පරිසරවේදීන්ට වන සතුන් බිලිදෙන ආකාරයයි. මේවාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුය.

Related articles

Recent articles

spot_img