-5.9 C
New York

සෞඛ්‍ය නීති කැඩූ නුවරඑළිය අවුරුදු උත්සවය ගැන විශේෂ පරීක්ෂණයක්

Published:

සෞඛ්‍ය නීති රීති උල්ලංඝනය කරමින් නුවරඑළිය මහ නගර සභාව විසින් ඊයේ (25) පැවැත්වූ අලුත් අවුරුදු උත්සවය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස මධ්‍යම පලාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ මධ්‍යම පළාතේ පළාත් පාලන කොමසාරිස්වරයා වෙත උපදෙස් ලබා දී ඇත.

නුවරඑළිය මහ නගර සභාවේ නගරාධිපති චන්දන ලාල් කරුණාරත්නගේ ප්‍රධානත්වයෙන් මෙම අවුරුදු උත්සවය පැවැත්විණි.

වසන්ත උදානයට සංචාරකයන් ගෙන්වාගැනීම අවම කරන ලෙසත් ඇතැම් තරඟ ඉසව් නතර කරන ලෙසත් උපදෙස් ලබාදී තිබිය දී එම උපදෙස්වලට පටහැනිව කටයුතු කරමින් මෙම අවුරුදු උත්සවය පවත්වා ඇතැයි ආණ්ඩුකාරවරයා පවසයි.

එමෙන්ම මෙම උථ්සවයට සහභාගී වූ නගර සභා සේවකයන්ට දිවා ආහාරය සමඟ මත්පැන් මිලිලීටර 175ක බෝතලයක් ද ලබා දී ඇතැයි තමන්ට තොරතුරු ලැබී තිබෙන බව ආණ්ඩුකාරවරයා කීවේය.

Related articles

Recent articles

spot_img