-5.9 C
New York

වැල්ලවායේ PCR 53ක් අතරින් Negative 01ක් පමණයි

Published:

වැල්ලවාය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසේය කොරෝනා ආසාදිතවූවන්ගේ පළමු පෙළ ආශ්‍රිතයන් 53 දෙනකු සඳහා කරන ලද පීසීආර් පරීක්ෂණවලින් කොරෝනා නොමැතියැයි තහවුරු වී ඇත්තේ එක් අයකුගේ පමණි.

අනෙකුත් 52ක් පිරිස අතරින් 46 දෙනකු ස්ථිරවම කොරෝනා ආසාදිතයන් බව තහවුරු වී ඇති අතර අනෙක් 06 දෙනාගේ පීසීආර් පරීක්ෂණ නැවත පරීක්ෂාවට ලක්කරමින් පවතී.

මෙම පීසීආර් පරීක්ෂණ 53 සිදුකිරීමෙන් පසු කරන ලද තවත් පීසීආර් පරීක්ෂණ 64ක් ප්‍රතිඵල මෙතෙක් ලැබී නැත.

සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ ආසාදියන්ගේ පළමු පෙළ ආශ්‍රිතයන්ගේ පීසීආර් පරීක්ෂණ අතරින් මෙතරම් ප්‍රමාණයක් රෝගීන් වාර්තාවීමෙන් පැහැදිලි වන්නේ මේ වනවිට ‍ශ්‍රී ලංකාවේ පැතිරයන කොරෝනා වයිරසය ඉතා වේගයෙන් වෙනත් අයට සම්ප්‍රේෂණය වන බවයි.

Related articles

Recent articles

spot_img