spot_img

මෙරට පැතිරෙන්නේ ‍කිසිම රටක නැති කොරෝනා ප්‍රභේදයක් ?

පුවත්

විදෙස්

කොරෝනා තුන්වැනි රැල්ලක් ඇති කරමින් ශ්‍රී ලංකාවේ පැතිරයන වයිරස ප්‍රබේදය මෙතෙක් සොයාගෙන ඇති ක‍ොරෝනා වයිරස ප්‍රභේදවලට වඩා වෙනස් වූ ප්‍රභේදයක් බවත් එය කොළඹ, කුරුණෑල හා මහනුවර ප්‍රදේශවලින් හමුවී ඇති බවත් ආචාර්ය චන්දිම ජීවන්දර පවසයි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද හා සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානියා වන ආචාර්ය ජීවන්දර පවසන්නේ මෙම වයිරසයේ එස් ජානය හෙවත් ප්‍රෝටීනය හඳුනාගැනීමේ යම් අපහසුතා තිබූ බවත් හෙතෙම පවසයි. ශ්‍රී ලංකාවේ මේ වනවිට ව්‍යාප්ත වෙමින් පවතින වයිරසය බ්‍රිතාන්‍යයේ පැතිර යන වයිරස ප්‍රභේදයට බොහෝ දුරට සමාන යැයි දැනට අනුමාන කරන බව ද ඔහු කීවේය.

“දැනට රටේ ව්‍යාප්ත වෙමින් තිබෙන වයිරස් ප්‍රභේදයේ යම් විකෘතිතාවක් දක්නට ලැබෙනවා. එය සීඝ්‍ර ව්‍යාප්තියක් පෙන්නුම් කිරීම කැපී පෙනෙන වෙනස්කමක්. මෙය බ්‍රිතාන්‍ය ප්‍රභේදයට සමානකමක් දක්වන නිසා මේ ව්‍යාප්ත වන්නේ එම ප්‍රභේදයම ද නැතිනම් මෙරට දී ම විකෘතියකට භාජනය වූ ප්‍රභේදයක් ද කියා සොයා බලනවා. කෙසේ වෙතත් ඉන්දියාවෙන් වාර්තාවන ප්‍රභේදය පැතිර තිබෙන බවට තහවුරු වී නැහැ.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles