-2.1 C
New York

රත්ගම එකම ගමකින් ආසාදිතයන් 48ක්. මරණයකුත් ඒ අතර

Published:

රත්ගම ඉඹුලගොඩ ප්‍රදේශයේ ඊයේ (26) කරන ලද පීසීආර් පරීක්ෂණ 211ක් අතරින් ආසාදිතයන් 31 දෙනකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මේ අනුව පසුගිය 11 වැනි දා එක් ආසාදිතයකු වාර්තාවීමෙන් පසු එම ප්‍රදේශයෙන් වාර්තාවන ආසාදිතයන් සංඛ්‍යාව 48ක් දක්වා ඉහළ ගොස් තිබේ.

සෞඛ්‍ය අංශ පවසන්නේ පළමුව හඳුනාගත් ආසාදිතයා 22 වැනි දින හෝමාගම රෝහලේ දී මියගිය බවයි. ඔහු ආසාදිතයකු බව හඳුනාගෙන තිබිය දී ද ඔහුගේ නිවස හා ඒ අවට අවුරුදු කාලයේ දී විශාල පිරිසක් රැස්වී සිටි බවට තොරතුරු මේ වනවිට අනාවරණය වී තිබේ. ගාල්ලේ විවිධ ප්‍රදේශවලින් පුද්ගලයන් එතැනට පැමිණ ඇති බව ද පොලිසිය පවසිය.

Related articles

Recent articles

spot_img