මේ වනවිට ශ්‍රී ලංකාවේ පැතිරයන කොරෝනා වයිරසය හේතුවෙන් වෙනත් කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වා ශ්වසන අපහසුතා ඇතිවීමේ ප්‍රවණතාවක් තිබෙන බැවින් දැඩි සත්කාර ඒකකවල ඇඳන් සීමිතවීම ඉදිරියේ දී බරපතල තත්ත්වයක් ඇතිවීමට හේතුවනු ඇතැයි සෞඛ්‍ය අංශ බිය පළකරයි.
ඉන්දියාවේ මෙන් ශ්‍රී ලංකාවේ ද විශාල වශයෙන් රෝගීන් වාර්තාවීමේ අවදානමක් දැනටමත් පෙනෙන්නට තිබෙන අතර මෙවර කොරෝනා වයිරසය විශාල වශයෙන් රෝග ලක්ෂණ පෙන්වන එමෙන්ම මියයාමේ ප්‍රතිශතය වැඩි වයිරසයක් බව ද සෞඛ්‍ය අංශ පවසයි. මෙවර පැතිරෙමින් යන වයිරස ප්‍රභේදය උණ, කැස්ස, උගුරේ වේදනාව කිසිවක් නැතිව ආසාදිතයන්ට නිව්මෝනියා තත්ත්වය ඇතිකර ශ්වසන අපහසුතා ඇතිකරන බැවින් දැඩි සත්කාර ඒකකවල අවශ්‍යතාව ද වැඩිවනු ඇතැයි ඔවුහු පෙන්වා දෙති.
එසේ වුවද මෙරට කොරෝනා රෝගීන් සඳහා වෙන්කර ඇති රෝහල් සතුව ඇත්තේ දැඩි සත්කාර ඒකක ඇඳන් 40කට අඩු සංඛ්‍යාවකි. මෙය ඉතාමත් බරපතල තත්ත්වයක් බැවින් ශ්‍රී ලංකාවේ රෝගීන් බහුලව වාර්තා වුවහොත් ඇතිවන විනාශ්‍ය තේරුම්ගෙන අනවශ්‍ය ගමන් බිමන් සීමා කරමින් සෞඛ්‍ය ආරක්ෂති පිළිවෙත් අනුගමය කරන ලෙස සෞඛ්‍ය අංශ සියලු ජනතාවගෙන් ඉල්ලා සිටියි.