-5.9 C
New York

සංචරණ සීමා පැනවූවානම් හොඳ යැයි ඇමති සුදර්ශනී කියයි

Published:

මෙම සති අන්තයේ දීර්ඝ නිවාඩුවක් තිබෙන බැවින් සංචරණ සීමා පනවා ජනතාවගේ වින‍ෝද චරිකා හා අනවශ්‍ය ගමන් නැවැතීමට කටයුුතු කළානම් කොරෝනා අවදානම තරමක් අඩුකරගත හැකිව තිබුණ ද එසේ නොවූ බව කොවිඩ් පාලන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පවසයි.

ඇය පවසන්නේ සංචාරක ආකර්ශනීය ස්ථාන සහ ආගමික ස්ථානවල ජනතාව වැඩි වශයෙන් එක්රැස්වීම ගැටලුවක් බවයි.

ඇය මෙසේ පවසන්නීය.

“අපි ඇත්තටම යෝජනා කළා. මේ සති අන්තය සහ අද (26)  පොහොය දිනය සංචාරක සීමා පනවන්න කියලා. අඩුම ගණනේ පළාත් අතර සංචරණ සීමා හෝ පැනවූවානම් හොඳයි. නමුත් අපේ යෝජනාව සම්මත කරගන්න බැරි වුණා. අපි දන්නවා අසල්වැසි ඉන්දියාවේ තත්ත්වය, රෝගය වේගයෙන් පැතිරෙනවා. රෝහල් පිරිලා, මරණ සංඛ්‍යාවවත් වැඩි වෙලා. සෞඛ්‍ය පහසුකම් ලබා දිය නොහැකියි. මේවා ගැන අපේ රටේ ජනතාව නොදන්නවා නොවෙයි. ෆේස්බුක් බලනවා, ටීවී රේඩියෝවල වෙබ් අඩවිවල පත්තරවල මේවා යනවා. ඉතින් අපිට කරන්න පුළුවන් එකම දේ ජනතාව තවදුරටත් දැනුම්වත් කරන එක. අපි ඒක කළා. ‍සංචරණය සීමා කරන්න කියලා කිව්වා. මාර්ගෝපදේශ නිකුත් කළා. නමුත් මේ ගැන කිසිම තැකීමක් නොකරන පිරිස් ඉන්නවා.”

Related articles

Recent articles

spot_img