spot_img
spot_imgspot_img

ආසාදිතයන් වාර්තා වූ ඇඟළුම් කම්හල වසා දමන්නයැයි ගැමියන්ගෙන් බලපෑම්

පුවත්

විදෙස්

කොරෝනා ආසාදිතයන් වාර්තා වී ඇති බිංගිරිය බෙංජි කරමාන්තශාලාව වසා දැමීමට සෞඛ්‍ය බලධාරීන් පියවර නොගැනීමෙන් ගම්වාසීන්ට බරපතල අවදානමක් ඇති බව පවසමින් එම කර්මාන්තශාලාවට ප්‍රවේශවන මාර්ගය අද (26) අවහිර කළ ගම්වාසීහු සේවකයන් ප්‍රවාහනය කරන රථ වාහන ආපසු හරවා යැවීමට කටයුතු කළහ.

ගැමියන් පවසන්නේ මෙම ඇඟළුම් ආයතනය තුළ කොරෝනා සීඝ්‍රයෙන් ව්‍යාප්තවන බවයි.

බිංගිරිය, දුම්මලසූරිය හා මාදම්පේ පොලිසි මෙම ස්ථානයට පැමිණ මැදිහත් වී එම වාහන කර්මාන්තශාලාවට ඇතුළු කර අතර ගැමියන්ගේ නියෝජිතයන් හා කර්මාන්තශාලාවේ හිමිකරුවන් අතර සාකච්ඡාවක් ද පැවැත්වෙමින් තිබේ. කර්මාන්තශාලාවේ හිමිකරුවන් පවසන්නේ මෙම කම්හල තාවකාලිකව වසා දැමුවහොත් ඊට සමගාමීව තවත් කම්හල් 04ක් වසා දැමීමට සිදුවන බවයි. කෙසේ වෙතත් සෞඛ්‍ය බලධාරීන් සමඟ සාකච්ඡා කර අද (26) සවස 4.00ට අවසන් තීරණය ගැනීමට දෙපාර්ශවයම එකඟ වී තිබේ.

මේ පිළිබඳ සෞඛ්‍ය අංශවෙතින් විමසූ විට පවසන්නේ සේවක සේවිකාවන් 2500ක් පමණ සේවය කරන මෙම ආයතනයේ අවුරුදු සති දෙකක දී සේවය කර ඇත්තේ 1500ක පමණ පිරිසක් බවයි. ඔවුන් අතරින් ඊයේ (25) වනවිට ආසාදිතයන් 112ක් වාර්තා වී තිබූ අතර ඔවුන්ගේ ආශ්‍රිතයන් විශාල පිරිසක් නිරෝධායනයට යොමුකර සිටියහ.

ගම්වාසීන් කර්මාන්තශාලාව ඉදිරිපිට අද (26) උදෑසන 10.00ට උද්ඝෝෂණයක් පැවැත්වීමට කටයුතු යොදා තිබුණ ද කොරෝනා තත්ත්වය හේතුවෙන් උද්ඝෝෂණය නොපවත්වා මෙලෙස පිවිසුම් මාර්ගය හරස්කර සේවකයන් කර්මාන්තශාලාවට පැමිණීම වළැක්වීමට කටයුතු කර තිබිණි.  

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!